ඒකපාර්ශ්වික ආරක්ෂණවාදය ගෝලීය වෙළඳාමට වල කපන බව චීන අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේදී පවසයි.

ජාත්‍යන්තර වෙළඳ පද්ධතිය සියවසකින් නොදුටු අභියෝගවලට මුහුණ දෙමින් සිටින බව චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා ශ්‍රී ලංකාවේ පැවති සංසදයක දී පැවසීය. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු ඉහළ නැංවීම ගෝලීය ආර්ථිකය අස්ථාවර කරන බව චීන වාණිජ අමාත්‍ය වැන්ග් වෙන්ටාඕ මහතා පැවසීය.

“අපි කතා කරන පරිදි, සියවසකින් නොදුටු වෙනස්කම් වේගයෙන් පරිණාමය වෙමින් පවතින අතර ලෝකය විශාල අභියෝගවලට මුහුණ දී සිටී,” චීන ව්‍යාපාර 100 ක් පමණ වෙළඳාම සහ ආයෝජන වැඩි දියුණු කිරීම සඳහා දේශීය හවුල්කරුවන් හමුවීමට පැමිණි සිකුරාදා කොළඹදී අමාත්‍ය වැන්ග් මහතා පැවසීය. කියවන්න...

ඇඟලුම් කම්හල් වැසීම විනාශයක ආරම්භයක් ද ?

කටුනායක වෙළෙඳ කලාපයේ ඇඟලුම් කම්හලක් හදිසියේ වසා දැමීම බොහෝ දෙනා කම්පනයට පත්කළ සිදුවීමකි. සේවකයින් 1400 කට වැඩි පිරිසකට රැකියා අහිමි වී ඇත. රටට විදේශ විනිමය ඉපයීම ද නැවතී තිබේ. ඒ අතර විශාල අවධානයක් යොමු වී ඇත්තේ මෙය ඉදිරියේ එන මෙබඳු විපත් පිළිබඳ සඥාවක් ද යන්න පිළිබඳව ය. රට මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සමග ඇමෙරිකාවේ නව තීරුබදු නිසා ඇතිවන අවදානම තුළ ඒ ගැන බැරෑරුම් ලෙස සලකා බැලිය යුතුව ඇත.

විපක්ෂ කණ්ඩායම්වල ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ මේ ගැන කිසිවක් නොකිරීම පිළිබඳව ආණ්ඩුවට චෝදනා එල්ල කිරීම ය. ඔවුන් කියන්නේ මෙබඳු තත්ත්වයක් පිළිබඳව විවිධ පාර්ශව අනතුරු අඟවා තිබිය දී එය වළක්වා ගැනීමට ආණ්ඩුව කිසිවක් නොකළ බව යි. පසුගිය කාලයේ ආණ්ඩුවේ හැසිරීම අනුව එම විවේචනයේ ද යම් සාධාරණත්වයක් නැතුවා නොවේ. කියවන්න...

විදුලි ගාස්තු සියයට 40 කින් අඩු කරයි !

ලංකා විදුලි බල මණ්ඩලය ජුලි 1 දා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කොට ඇති විදුලි ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත විදුලි ගාස්තුව සියයට 40 කින් පමණ අඩු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

විදුලි බල සහ බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළ සංඛ්‍යා අනුව ඒකක 30 ට අඩු පාරිභෝගිකයින් සඳහා ගාස්තුව ඒකකයට රුපියල් 8 සිට 6 දක්වා අඩු කිරීමට යෝජනා කොට ඇති අතර එය සියයට 25 ක අඩු කිරීමකි. ඒකක 60 දක්වා ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 9 දක්වා සියයට 55 කින් අඩු කිරීමට යෝජනා කර ඇත. කියවන්න...

විදුලි බල පනත් සම්මතයෙන් හෙළි වූ ව්‍යාජ ජනමතය – ජයවීර සෙනෙවිරත්න

විදුලි බල මණ්ඩලය කොටස් අටකට කඩා එහි තිබු ඒකාධිකාරය අවසන් කරන්නට රජය ඉදිරිපත් කළ නව විදුලි බල පනත වැඩි කලබලයක් නැතව ම පාර්ලිමේන්තුවේ සම්මත වුයේ එයට සහ රජයට එරෙහිව තිබෙනවා කියා ඇතැම් පිරිස් කළ විරෝධය පිලිබඳ සියලු ප්‍රචාර පුස්සක් කරමිනි. රට ම අඳුරේ තබනවා කී වෘත්තීය සමිති නායකයින්ට අවසානයේ තම සාමාජිකයින් දෙතුන් සියයක් වත් සටනට කැඳවා ගත නොහැකි වීම කැපී පෙනෙන සිදුවීමකි. එයින් පෙනී ගියේ ජනතාව හෝ සේවකයින් හෝ මේ කයිවාරුකාරයින් සමග නැති බව යි. මොවුන්ගේ වොයිස් කට් දේශපාලනයෙන් මවා තිබු ඊනියා ජන මතය ද ජනමාධ්‍ය මගින් තහවුරු කළ මිත්‍යාවක් බව ද පැහැදිලි වී ය.

විදුලි බල පනත ගේන්න හැදුවොත් මුළු රට ම අඳුරේ තියන බව කියමින් සටන පටන් ගත් කයිවාරුකාර වෘත්තීය සමිති නායකයින් කීවේ විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසි තුන් දහස වැඩ කරන්නේ ඇමතිගේ අණට අනුව නොව තමන්ගේ අණට බව යි. ඒ අණ එදා පිළිගෙන විනය විරෝධී වැඩ කළ සේවකයින් 65 කගේ  වැඩ තහනම් කළ විට විසිතුන් දහස පැමිණියේ නැත. කයිවාරුකාරයින් කළේ උසාවියට යෑම පමණකි. කියවන්න...

බැංකු ණය පොලී පහලට

පසුගිය සතිය තුළ දී බලපත්‍රලාභී වානිජ බැංකුවල බරිත සාමාන්‍ය ප්‍රමුඛ ණය පොලී අනුපාතිකය (Average Weighted Prime Lending Rate – AWPR) 10.69% ක් දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙම අනුපාතිකය ඊට පෙර සතිය තුළ දී 11.04% ක් වශයෙන් වාර්තා වී තිබුණි.

මේ අතර ඉදිරි කාලයේ දී වෙලෙඳපොළ පොලී අනුපාතික සාමාන්‍යකරණය වීම වේගවත් කරමින් මූල්‍ය ආයතන විසින් වෙළෙඳපොළ පොලී අනුපාතික, විශේෂයෙන්ම ණය පොලී අනුපාතික වෙත ලිහිල් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග කඩිනමින් හා පූර්ණ ලෙස සම්ප්‍රේෂණය කිරීමේ අවශ්‍යතාව පසුගිය දා රැස් වූ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අවධාරණය කළේය. කියවන්න...

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි? – ඉකොනොමැට්ටා

වාහන ආනයන දැන්ම කළ නොහැකි ඇයි?

පෙර ලිපියක සංඛ්‍යාලේඛණ සමඟ පෙන්වා දුන් පරිදි, 2023 වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඉපැයූ විදේශ විණිමය වලින් ඩොලර් මිලියන 1,559ක් වැය නොකර ඉතිරි කරගෙන තිබෙනවා. ඒ වගේම, වසර තුළ මහ බැංකුවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 2,245කින් ඉහළ ගොස් තිබෙනවා.ඒ අනුව, “බිංදුවටම හිඳී තිබුණු” නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.5 පමණ මට්ටමකට ඉහළ ගොස් ඇති අතර මේ (මාර්තු) මාසය අවසන් වන විට තව දුරටත් ඉහළ ගොස් තිබිය යුතුයි.

එහෙමනම් තව දුරටත් වාහන ආනයන වලට ඉඩ නොදී වලක්වා තිබෙන්නේ ඇයි? දැන් වාහන ආනයන වලට ඉඩ දෙන්න බැරිද?පළමුවෙන්ම, ඔය සංචිත “බිංදුවටම හිඳී තිබුණු” කතාව කියන්නේ චීන මුදල් හුවමාරු ණය ඉවත් කරලා. ඒ කොටස ඉවත් කළොත් දැනටත් සංචිත තිබෙන්නේ ඩොලර් බිලියන 3ක් පමණ ප්‍රමාණයක්. කොහොම වුනත්, තිබුණු හැටියට ඒ ප්‍රමාණය වුනත් නරක ප්‍රමාණයක් නෙමෙයිනේ. එහෙමනම් ප්‍රශ්නය කුමක්ද?ඇත්ත ප්‍රශ්නය ඔය සංචිත ප්‍රමාණයෙන් පේනවාට වඩා ටිකක් ගැඹුරුයි. කියවන්න...

වංචා චෝදනා එල්ල වූ බදු ක්‍රමය ම අහෝසි කරන්න තීන්දුවක්

සීනි බදු වංචාව ඇතුළු බදු වංචාවලට අවස්ථාව ලැබුණු විශේෂ වෙළෙඳ භාන්ඩ බදු ක්‍රමය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

එම බදු ක්‍රමය ලබන ජනවාරියේ සිට අහෝසි කොට දේශීය අස්වනු නෙලන කාල අනුව ක්‍රියාත්මක වන ඍතු බදු ක්‍රමයක් හඳුන්වාදීමට තීරණය කොට තිබේ. කියවන්න...

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි! – ඉකොනොමැට්ටා

ඩොලර් බිලියන එකහමාරක් ඉතිරි කරපු හැටි!

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව විසින් ඩොලර් මිලියන 1,559ක ජංගම ගිණුම් අතිරික්තයක් වාර්තා කර තිබෙනවා. එයින් සරලව අදහස් වන්නේ වසර තුළ ශ්‍රී ලංකාව විසින් වැය කළ විදේශ විණිමය ප්‍රමාණයට වඩා ඩොලර් මිලියන 1,559ක් එම වසර තුළ උපයා ඇති බවයි.

මෙය 1977 වසරින් පසුව මෙවැන්නක් සිදු වන පළමු අවස්ථාව වන අතර 1956 වසරින් පසුව ජංගම ගිණුමේ අතිරික්තයක් වාර්තා වන දෙවන වසරයි. අනෙක් සෑම වසරකදීම ශ්‍රී ලංකාව විසින් වසර තුළ ඉපැයූ විදේශ විණිමය ප්‍රමාණය ඉක්මවා වියදම් කර තිබෙනවා. ණය පැහැර හැරීමකින් කෙළවර වන තුරු ගොඩගසා ගත් ලංකාවේ දැවැන්ත විදේශ ණය කන්දරාව මෙහි ප්‍රතිඵලයයි. කියවන්න...

අලුත්ම “ලෝකයේ ලොකුම පෝසතා” – ඉකොනොමැට්ටා

අලුත්ම "ලෝකයේ ලොකුම පෝසතා"

ජෙෆ් බේසොස්, ඊලෝන් මස්ක් හා මාක් සකර්බර්ග් වැනි ඇමරිකානු ධනවතුන් අභිබවා යමින්, ඩොලර් බිලියන 227ක පමණ වත්කම් සමඟ ප්‍රංශයේ බනාඩ් ආර්නෝ (Bernard Arnault) පවුල මේ වන විට ලෝකයේ ලොකුම ධනවතුන් බවට පත් වී තිබෙනවා. ලුවී විටෝන්, සෙපෝරා වැනි මිල අධික සන්නාම වල අයිතිය හිමි බනාඩ් ආර්නෝ පවුලටයි.

වසංගතයට පෙර, 2020 වසරේදී මෙම පවුල සතු වූ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 76ක්. එනම්, ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයට ආසන්න මුදලක්. මේ වන විට එම පවුලේ වත්කම් එමෙන් තුන් ගුණයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙය සිදු වන්නේ වසංගත කාලයේදී සහ ඉන් පසුවයි. කියවන්න...

මාස තුනට සංචාරක පැමිණීම ලක්ෂ හය ඉක්මවයි

2024 වසරේ ජනවාරි 1 දා සිට මාර්තු 27 දක්වා කාලය තුළ  ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන් ම, මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කර ඇත. කියවන්න...