ඩොලර් ට්‍රිලියන 2ක (2,000,000,000,000.00) කොරෝනා සහන පැකේජයට ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල අනුමැතිය
කොරෝනා වසංගතය නිසා පසුබෑමට ලක්ව ඇති ඇමෙරිකානු ආර්ථිකය ගලවාගැනීම සදහා වන ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයට ඊයේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි වීය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ මෙන් ම ලෝක ඉතිහාසයේද විශාලතම සහන පැකේජය යි .
කොරෝනා නිසා පසුබෑමට ලක්ව ඇති ව්‍යාපාර සදහා සහනාධාර පිරිනැමීම මෙන් ම වසරකට ඩොලර් 75,000 කට වඩා අඩු ආදායම් ලබන සියලු දෙනාට ඩොලර් 1,200ක දෙමනාවක් ලබාදීම ද මෙම සහන පැකේජයට ඇතුලත් ය.