Day: March 9, 2020

ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ ශත වර්ෂයක් පැරණි පනතකින් !

ශ්‍රී ලංකාවේ කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යාපාර ලියපදින්චිකිරීමට ඇති නීතිය ශත වර්ෂයකට වඩා පැරණි බවත් එය පනවා ඇත්තේ 1918 දී බවත් අධ්වෝකාටා ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය . එමෙන්ම එහි ඇති ඇතැම් කොන්දේසි අදට නොගැලපෙන බවත් සීමාසහිත සමාගමක් සමාගම් රෙජිස්ට්‍රාර් වරයා ළග ලිය පදිංචි කරනවට වඩා කුඩා සමාගමක් ලියාපදිංචි කිරීම අපහසු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය ‘

ධනනාත් ප්‍රනාන්දු මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ කුඩා ව්‍යාපාර මුහුණ දෙන ගැටළු පිලිබදව කළ සමීක්ෂණයක වාර්තාව එළිදැක්වීම සදහා පැවති උත්සවයකදී ය.

සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු ය – අඩ්වෝකාටා ආයතනය

සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු බව  අඩ්වෝකාටා ආයතනය සිය  නවතම අධ්‍යයන  වාර්තාව එළිදක්වමින් කියයි ” පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි’ ලෙස හදුන්වා  ඇති  මෙම වාර්තාව සකස් කොට ඇත්තේ දිවයින පුරා  කළ සමීක්ෂණයක ප්‍රතිඵල වශයෙනි  කියවන්න...