Day: March 26, 2020

ඩොලර් ට්‍රිලියන 2ක (2,000,000,000,000.00) කොරෝනා සහන පැකේජයට ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල අනුමැතිය

කොරෝනා වසංගතය නිසා පසුබෑමට ලක්ව ඇති ඇමෙරිකානු ආර්ථිකය ගලවාගැනීම සදහා වන ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයට ඊයේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි වීය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ මෙන් ම ලෝක ඉතිහාසයේද විශාලතම සහන පැකේජය යි .

කොරෝනා නිසා පසුබෑමට ලක්ව ඇති ව්‍යාපාර සදහා සහනාධාර පිරිනැමීම මෙන් ම වසරකට ඩොලර් 75,000 කට වඩා අඩු ආදායම් ලබන සියලු දෙනාට ඩොලර් 1,200ක දෙමනාවක් ලබාදීම ද මෙම සහන පැකේජයට ඇතුලත් ය. කියවන්න...

දිළිඳු රටවලට කොරෝනා සහනයක් දෙන්නයි ලෝක බැංකුව, මුල්‍ය අරමුදල කියයි

කොවිඩ් 19 වසංගතයට ගොදුරු වී පීඩා විඳින ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 76 කට ණය ගෙවීම සඳහා සහන ලබාදෙන ලෙස ලෝක බැංකුව හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ණයදෙන රටවලින් සහ  ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

මෙම රටවල් ලෝක බැංකුවේ හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහන ණය ලබාගැනීමේ හිමිකම ඇති රටවල් ලෙස නම්කර ඇත. ලෝක ජනගහනයෙන් අඩක් ජීවත්වන්නේ මෙම රටවල ය. කියවන්න...

ආණ්ඩුවට බඩු හිග නැත; අපට ගන්න බඩු නැත

රටේ බඩු හිගයක් නැති බව හා කලබල නොවී පෝලිමේ ගොස් බඩු ගන්නා  ලෙස ආණ්ඩුව පුන පුනා කීව ද , පෝලිමේ සිට වෙළඳ සල් තුලට ගිය බොහෝ දෙනාට දැක ගන්නට ලැබුනේ අත්‍යවශ්‍ය අහාර අවසන්ව ඇති බව යි. කියවන්න...

කොටස් වෙළෙඳපොළ වසා දමයි

මේ සතියේ ඉදිරි දින කිහිපයේ දී ද කොළඹ කොටස් වෙළෙඳපොළ වසා දැමීමට තීරණය කොට ඇත. ඒ අනුව මෙම සතිය ම කොටස් වෙළෙඳපොළ වසා  දමා තිබෙනු ඇත. කියවන්න...

ජාත්‍යන්තර ණය ගෙවීමට සහන ඉල්ලයි

කොවිඩ් 19 වසංගතයේ පීඩාවට ලක් වූ ශ්‍රී ලංකාවට තම ජාත්‍යන්තර ණය ගෙවීම සඳහා සහන කාලයක් ලබාදෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කොට ඇත.

මෙම වසරේ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය වාරික හා පොලියේ එකතුව ඩොලර් බිලියන 4.6 කි. මෙම ණය ගෙවීම අද පවතින තත්ත්වය යටතේ කෙසේවත් කළ නොහැකි බව ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි .

ඇඳිරි නීතිය පවතිද්දී ලිට්රෝ, ලාෆ් ගෑස් සැපයීමේ ජංගම සේවා

ඇඳිරි නීතිය පැවතිය ද නිවසට ම ගෑස් සැපයීමේ ජංගම සේවා ක්‍රියාත්මක කොට ඇති බව ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් නිවේදනය කොට ඇත.

ඒ අනුව දුරකථනයෙන් ඇමතුම් ලබාදීම මගින් නිවෙසට ම ගෑස් ගෙන්වා ගත හැකි බව එම සමාගම් කියයි.

බැංකු විවෘතකර තබන්නයි ජනපති කියයි

ඇඳිරි නීතිය පැවතිය ද , රජයේ සහ පෞද්ගලික බැංකු ශාඛා ගනුදෙනු කටයුතු සදහා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු බැංකුවලට උපදෙස් දී ඇත.

අත්‍යවශ්‍ය සේවා හා වෙළෙඳ කටයුතු පවත්වාගෙන යාම සදහා පහසුකම් සැපයීමට මෙලෙස බැංකු ශාඛා විවෘතව තැබීම අවශ්‍ය බව රජය ප්‍රකාශ කරයි .

වෙළෙද නැව්වල සී මාර්ෂල්වරුන් නිරෝධායනයට

ශ්‍රී ලංකාවට මෙන්ම කලාපයටම ආනයන, අපනයන පහසුකම් සපයන්නට එන වෙළෙඳ නෞකාවල සී මාර්ෂල්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලයම රටේ ආරක්ෂාවට ප්‍රශ්නයක් නොවන ආකාරයෙන් නිරෝධායනය ක්‍රියාවලියකට යොමුකරන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇතැයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා පැවැසීය.

මේ අනුව වෙනමම පහසුකම් ඇති නිවාසවල ඔවුන්ට පහසුකම් සපයා පිටස්තර අය සමග නොගැවසෙන ක්‍රමවේදයක් යොදා තිබේ. කියවන්න...