ඩොලර් ට්‍රිලියන 2ක (2,000,000,000,000.00) කොරෝනා සහන පැකේජයට ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩල අනුමැතිය

කොරෝනා වසංගතය නිසා පසුබෑමට ලක්ව ඇති ඇමෙරිකානු ආර්ථිකය ගලවාගැනීම සදහා වන ඩොලර් ට්‍රිලියන 2ක සහන පැකේජයට ඊයේ ඇමෙරිකානු කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය හිමි වීය. මෙය ඇමෙරිකානු ඉතිහාසයේ මෙන් ම ලෝක ඉතිහාසයේද විශාලතම සහන පැකේජය යි .

කොරෝනා නිසා පසුබෑමට ලක්ව ඇති ව්‍යාපාර සදහා සහනාධාර පිරිනැමීම මෙන් ම වසරකට ඩොලර් 75,000 කට වඩා අඩු ආදායම් ලබන සියලු දෙනාට ඩොලර් 1,200ක දෙමනාවක් ලබාදීම ද මෙම සහන පැකේජයට ඇතුලත් ය.

එමෙන් ම රැකියා විරහිතයන් සදහා සහනාධාර දීම ඇතුළු තවත් අංශ රැසකට සහන සැලසීම මෙම සහන පැකේජය මගින් සිදු කිරීමට නියමිතය.

මෙම පනත තමන් වෙත ලැබුණු වහාම එයට අත්සන් තබන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කොට ඇති අතර සහන ජනතාවට ලබාදීමට අධි වේගයෙන් ක්‍රියාත්මක වන බව භාණ්ඩාගාරයේ ලේකම්වරයා ප්‍රකාශ කොට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *