ශ්‍රී ලන්කන් ගුවන් සමාගමෙන් ගමනාන්ත 27 කට භාණ්ඩ ප්‍රවාහන සේවා

ලොව පුරා ගමනාන්ත 27 කට භාණ්ඩ ප්‍රවාහන සේවා ඇරඹීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කොට ඇත. සමාගම සතුව ඇති මගී ගුවන් යානා  උපයෝගී කරගෙන මෙම ගුවන් සේවා ලබන 18 දා සිට ක්‍රියාත්මක කරන බව සමාගම නිවේදනය කොට ඇත.

යුරෝපයේ ලන්ඩන් හා ප්‍රෑන්ක්ෆර්ට්, චීනයේ බෙයිජිං , ෂැන්හයි, හා ගුඅන්ශෝව් , ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, සිංගප්පුරුව හා ජපානයට මෙන් ම කලාපීය රටවල් රැසකට ද මෙම ගුවන් සේවා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කොට ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා කියන්නේ මෙ මගින් අපනයන කර්මාන්ත සියල්ලටම් වාසි අත්වන බවයි . එමෙන් ම කොරෝනා වසංගතය හේතුවෙන් ගුවන් සමාගම් බොහොමයක් තම සේවා නවතා තිබිය දී මෙම සේවා ඇරබීමෙන් සමාගමට ද වාසි අත්වන බව පතිරගේ මහතා කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *