Month: June 2020

ඩොලර් මිලියන 191 ක ඉන්දීය ව්‍යාපෘති දෙකක් කඩිනම් කෙරෙයි

ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 191 ක  ආධාර මත ඉදිවන  ප්‍රධාන ව්‍යාපෘති දෙකක් කඩිනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.

මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය සඳහා වන ඩොලර් මිලියන 91 ක ව්‍යාපෘතිය සහ ග්‍රාමීය පළාත්වල රජයේ ආයතන සහ අඩු ආදායම් ලාබී නිවාස සඳහා සුර්ය බල විදුලිය ලබාදීම සඳහා වන ඩොලර්  මිලියන 100 ක ව්‍යාපෘතියට අවශ්‍ය පහසුකම් සැපයීමට කැබිනට් මණ්ඩලය පසුගිය 10 දා තීරණය කළේ ය. කියවන්න...

තාප විදුලි බලාගාරවලින් සිදුවන පරිසර හා සමාජමය බලපෑමේ පිරිවැය ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් අධ්‍යයනයක්

මෙරට තාප (ඉන්ධන හා ගල් අගුරු) විදුලිබලාගාර වලින් විදුලිය ජනනයේදී සිදුවන සමාජමය හා පාරිසරික බලපෑම් හේතුවෙන් සමස්ත ආර්ථිකයට දැරීමට සිදුවන අමතර පිරිවැය හෙවත් බාහිර පිරිවැය සකස් කිරීම සදහා ශ්‍රී ලංකාවේ තාප බලාගාරව බාහිර පිරිවැය පිළිබද අධ්‍යයනයක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සිදුකර ඇත. එම අධ්‍යනය මගින් මෙරට ගල් අගුරු හා ඩීසල් බලාගාරවලින් ප්‍රජාවට, සමාජයට හා පරිසරයට සිදුවන අහිතකර බලපෑමේ ආර්ථිකමය හානිය ඇස්තමේන්තු කර ඇත.

මෙම අධ්‍යයනය සදහා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක තාප බලාගාර වර්ග 4ක් පාදක කර ගෙන ඇත. නොරොච්චෝලේ බලාගාරය, යුගදනවි බලාගාරය, කැළණිතිස්ස බලාගාරය හා සපුගස්කන්ද බලාගාරය එම බලාගාර වේ.    කියවන්න...

ලීසිං සමාගම්වල නීති විරෝධී අත්කරගැනීම් වළක්වන්න -ජනපතිගෙන් පොලීසියට නියෝග

ලීසිං පහසුකම් යටතේ වාහන මිලට ගෙන ණය වාරික ගෙවීමට අසමත් වන පුද්ගලයන්ගේ වාහන අත්පත් කරගැනීමට වර්තමානයේ  ලීසිං සමාගම් අනුගමනය කරන ක්‍රමය නීති විරෝධී බැවින් කිසිසේත් ඊට ඉඩ නොතබන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පොලීසියට නියෝග කර ඇත. 

ලීසිං සමාගම් වාහන අත්පත් කරගැනීමට පෙර පොලීසිය දැනුවත් කරන්නේ නැති අතර එසේ අත්පත් කරගැනීමෙන් පසු ලැබෙන පැමිණිලි නැවත දැනුම් දෙනතුරු භාර නොගන්නැයි ජනාධිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතාට උපදෙස් දී ඇත. කියවන්න...

සංචාරක හෝටල් සේවක වැටුප් ගෙවන්න සහන බැංකු ණය

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු සංචාරක හෝටල්වල සේවක වැටුප් ගෙවීමට සියයට 4 ක සහන පොලියක් යටතේ බැංකු ණය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.

මෙම ණය ගෙවීම සඳහා හෝටල් හිමියන්ට වසර දෙකක සහන කාලයක් ද හිමිවනු ඇත. කියවන්න...

ලබන මස සිට බස් ගාස්තු ගෙවන්න පෙර ගෙවුම් කාඩ් පතක්

බස් රථවල ගමන් කරන විට මුදල් ගෙවා ටිකට් පත් ලබාගැනීම වෙනුවට පෙරගෙවුම් කාඩ් පතකින් ගෙවීම් කිරීමේ පහසුව ලබන මස අග සිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි .

මෙම වැඩ පිළිවෙල වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ. කියවන්න...

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත් – මහ බැංකු අධිපති

adstudio.cloud

මෙරට මූල්‍ය පද්ධතිය ශක්තිමත්ව පවතින බවත් මහජනතාවගේ තැන්පතුවල සුරක්ෂිත බව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි

ශ්‍රී ලංකාවේ මූලය පද්ධතිය සහ මූලය ආයතන දුර්වල මට්ටමක පවතින බවත් එවැනි ආයතනවල සිදුකරනු ලබන තැන්පතු අහිමිවී යාමේ අවදානමකට පොදු මහජනතාව මුහුණ දී ඇති බවත් ඇතැම් කණ්ඩායම් සහ පුද්ගලයන් පදනේ විරහිත අනුමාන ප්‍රකාශ කරමින් සිටින බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කරයි. කියවන්න...

ආචාර්ය සංජීව වීරවර්ණ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ICTA සභාපති ජයන්ත ද සිල්වා මහතා , එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් නිකුත් කළ නිවේදනය

ආචාර්ය සංජීව වීරවර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, 2020 මැයි 30 දිනැති ඔහුගේ බ්ලොග් සටහනට පසුව, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල යම් සාකච්ඡාවක් ඇති වී තිබේ.

අපි ඔහුගේ නික්මීම වැළක්විය නොහැකි යැ‍යි සිතමු.  ඒ ආචාර්ය වීරවර්ණ අනෙකුන් සමඟ, කාටත් පිළිගත හැකි පොදු එකඟතාවයන්ට එළඹ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා  දැඩි ලෙස බැඳුණු එකම කණ්ඩායමක් සේ ක්‍රියාකිරීම සහතික කරනු වෙනුවට, අධ්‍යක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව  වෙනස් ආස්ථානයක්  ගෙන ඇත . කියවන්න...

ආර්ථික පසුබැස්ම තාවකාලිකයි – භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල

කොවිඩ් 19 නිසා ඇති වී තිබෙන ආර්ථික පසුබැස්ම තාවකාලික බවත් , මේ වසරේ ඉදිරි කාලය තුළ ආර්ථිකය වර්ධනය වීම ආරම්භ වනු ඇති බවත් භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ප්‍රකාශ කරයි .

ඒ මහතා කියන්නේ මේ වසරේ තුන්වන සහ හතරවන කාර්තුවල දී ආර්ථීකය සියයට 2.5 – 3.0 ප්‍රමාණවලින් වර්ධනය වීමට පටන්ගනු ඇති බවයි. කියවන්න...

මහා බැංකුවේ මුල්‍ය උපදේශක මණ්ඩලය වෙනස් කෙරේ

ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති උපදේශක මණ්ඩලයට අලුතින් සාමාජිකයින් අට දෙනකු පත්කොට තිබේ.

එහි සභාපති ලෙස කටයුතු කළ කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ මහාචාර්ය සිරිමල් අබේය්රත්න මහතාගේ තනතුරේ වෙනසක් සිදුකොට නැත . ඒ මහතා තව දුරටත් මුල්‍ය ප්‍රතිපත්ති උපදේශක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි. කියවන්න...