ආර්ථික පසුබැස්ම තාවකාලිකයි – භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල
කොවිඩ් 19 නිසා ඇති වී තිබෙන ආර්ථික පසුබැස්ම තාවකාලික බවත් , මේ වසරේ ඉදිරි කාලය තුළ ආර්ථිකය වර්ධනය වීම ආරම්භ වනු ඇති බවත් භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල මහතා ප්‍රකාශ කරයි .
ඒ මහතා කියන්නේ මේ වසරේ තුන්වන සහ හතරවන කාර්තුවල දී ආර්ථීකය සියයට 2.5 – 3.0 ප්‍රමාණවලින් වර්ධනය වීමට පටන්ගනු ඇති බවයි.
භාණ්ඩාගාරයේ ලේකම් තුමා කියන්නේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ඇති සමාගම් සියයට අනුවක් මේ වනවිට නිෂ්පාදන අරඹා ඇති බවයි . එම සමාගම් වලට ප්‍රමාණවත් ඇනවුම් ලැබී ඇති බවත් ආටිගල මහතා වැඩි දුරටත් කියයි.
ආර්ථිකයේ ප්‍රධාන කුළුණු දෙක වන කෘෂිකර්මයේ සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ යලි පිබිදීමක් ඇති වී තිබෙන බව ද ඒ මහතා කියයි.
රජය විශාල ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කොට ඇති බවට වන චෝදනා ප්‍රතික්ෂේප කරන භාණ්ඩාගාරයේ ලේකම්වරයා කියන්නේ මුදල් නෝට්ටු මුද්‍රණය කර ඇත්තේ සුළු ප්‍රමාණයක් බවයි . එයින් උද්ධමන කාරී බලපෑම් ඇති නොවන බව ද ඒ මහතා කියයි.