ආචාර්ය සංජීව වීරවර්ණ ගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ICTA සභාපති ජයන්ත ද සිල්වා මහතා , එහි අධ්‍යක්ෂක මණ්ඩලය වෙනුවෙන් නිකුත් කළ නිවේදනය

ආචාර්ය සංජීව වීරවර්ණ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව, 2020 මැයි 30 දිනැති ඔහුගේ බ්ලොග් සටහනට පසුව, ප්‍රධාන ධාරාවේ සහ සමාජ මාධ්‍යවල යම් සාකච්ඡාවක් ඇති වී තිබේ.
අපි ඔහුගේ නික්මීම වැළක්විය නොහැකි යැයි සිතමු. ඒ ආචාර්ය වීරවර්ණ අනෙකුන් සමඟ, කාටත් පිළිගත හැකි පොදු එකඟතාවයන්ට එළඹ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා දැඩි ලෙස බැඳුණු එකම කණ්ඩායමක් සේ ක්‍රියාකිරීම සහතික කරනු වෙනුවට, අධ්‍යක්ෂක මණ්ඩලය ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව වෙනස් ආස්ථානයක් ගෙන ඇත .