ලබන මස සිට බස් ගාස්තු ගෙවන්න පෙර ගෙවුම් කාඩ් පතක්

බස් රථවල ගමන් කරන විට මුදල් ගෙවා ටිකට් පත් ලබාගැනීම වෙනුවට පෙරගෙවුම් කාඩ් පතකින් ගෙවීම් කිරීමේ පහසුව ලබන මස අග සිට ලබාදීමට කටයුතු කරන බව ප්‍රවාහන ඇමති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි .

මෙම වැඩ පිළිවෙල වහාම ක්‍රියාත්මක කරන ලෙස ඇමතිවරයා අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ශ්‍රී ලංගම බස්රථ සඳහා මෙන් ම පෞද්ගලික බස්රථ සඳහා ද මෙම පෙර ගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කරන බව කියති.

මෙබඳු ම පෙර ගෙවුම් කාඩ් පතක් දුම්රිය සේවාව සඳහා ද ලබාදීමට කටයුතු කරන බව ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත.

කලින් ගෙවීම් කර ලබාගන්නා කාඩ් පත් මගින් දිනපතා ගමන් ගාස්තු ගෙවීමේ පහසුව මෙ මගින් මගී ජානතාවට හිමි වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *