සංචාරක හෝටල් සේවක වැටුප් ගෙවන්න සහන බැංකු ණය

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු සංචාරක හෝටල්වල සේවක වැටුප් ගෙවීමට සියයට 4 ක සහන පොලියක් යටතේ බැංකු ණය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.
මෙම ණය ගෙවීම සඳහා හෝටල් හිමියන්ට වසර දෙකක සහන කාලයක් ද හිමිවනු ඇත.