සංචාරක හෝටල් සේවක වැටුප් ගෙවන්න සහන බැංකු ණය

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා වසා දැමුණු සංචාරක හෝටල්වල සේවක වැටුප් ගෙවීමට සියයට 4 ක සහන පොලියක් යටතේ බැංකු ණය ලබාදීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ ය.

මෙම ණය ගෙවීම සඳහා හෝටල් හිමියන්ට වසර දෙකක සහන කාලයක් ද හිමිවනු ඇත.

මෙම සහනය හිමිවන්නේ එක් අයකුට රුපියල් 20,000 ක් වන වැටුපක් සඳහා ය.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියා පදිංචි සංචාරක හෝටල් සඳහා මෙම සහනය හිමිවනු ඇත.

හෝටල් ක්ෂේත්‍රයේ සේවයේ නියුතු 144,117 ක් වන සේවක පිරිසකට මෙමගින් සෙත සැලසෙන බව ඇමතිවරයා කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *