ඩොලර් මිලියන 191 ක ඉන්දීය ව්‍යාපෘති දෙකක් කඩිනම් කෙරෙයි

ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 191 ක ආධාර මත ඉදිවන ප්‍රධාන ව්‍යාපෘති දෙකක් කඩිනම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී ඇත.
මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය නවීකරණය සඳහා වන ඩොලර් මිලියන 91 ක ව්‍යාපෘතිය සහ ග්‍රාමීය පළාත්වල රජයේ ආයතන සහ අඩු ආදායම් ලාබී නිවාස සඳහා සුර්ය බල විදුලිය ලබාදීම සඳහා වන ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතියට අවශ්‍ය පහසුකම් සැපයීමට කැබිනට් මණ්ඩලය පසුගිය 10 දා තීරණය කළේ ය.
මහව සිට ඕමන්ත දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීම පසුගිය රජය යටතේ ඉන්දියාවේ ඉර්කොම් ඉංජිනියරින් සමාගමට ලබා දී තිබිනි. එමගින් පැයට කිලෝමීටර් 120 ක වේගයෙන් දුම්රිය ධාවනය කළ හැකි වන ආකාරයට මාර්ගය සංවර්ධනය කෙරෙනු ඇත.
මෙම ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා අවශ්‍ය බදු සහන ආදිය අමාත්‍ය මන්ඩලය විසින් අනුමත කොට ඇත.