Month: July 2020

කළු සල්ලිවලට වැට නොබැන්දාට බැංකු , මුල්‍ය සමාගම්වලට දඩ

රටේ කළු සල්ලි ජාවාරම මැඩ පැවැත්වීමට පනවා ඇති මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ නීතිය උල්ලංඝනය කිරීම ගැන මෙරට බැංකු හා මුල්‍ය ආයතන කිහිපයකින් දඩ මුදල් අයකර ගැනීමට මහා බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කොට ඇත.

මුදල් විශුද්ධිකර්ණයට එරෙහිව සහ ත්‍රස්තවාදී සංවිධානවලට මුදල් ලබාදීම වැලකීමට පිහිටුවා ඇති මුල්‍ය බුද්ධි ඒකකය 2019 වසරේ දී මිලියන පහක් ද 2020 වසරේ මේ වනවිට මිලියනයක මුදලක් ද දඩ වශයෙන් අය කරගෙන ඇත. කියවන්න...

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණයක්

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකඟත්වය පලකොට ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කොට ඇත.

මෙම ණය මුදල ලබා දෙන්නේ ඉන්දියාවේ රිසර්ව් බැංකුවෙනි . කියවන්න...

ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 500 ක ණය දෙන්න ඉංදියාවේ ,චීනයේ රාජ්‍ය බැංකු එයි

ශ්‍රී ලංකාව  පසුගිය දා ඉල්ලා සිටි  ඩොලර් මිලියන 500 ක ඩොලර් ණය මුදල ලබාදීමට චීනයේ සහ ඉන්දියාවේ රාජ්‍ය බැංකු යෝජනා ඉදිරිපත් කොට ඇති බව වාර්තා වෙයි .

චීනයේ කාර්මික සහ වාණිජ බැංකුව සහ ඉන්දියානු රාජ්‍ය බැංකුව මේ සඳහා ඉදිරිප වී ඇත. කියවන්න...

2006 දී අපි කතා කළ MCC ගිවිසුම යහපාලන ගිවිසුමට වඩා වෙනස් – මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

MCC ලෙස හඳුන්වනු ලබන සහශ්‍රක සහයෝගිතා සමායතන වැඩ සටහන යටතේ ආධාර ලබාගැනීමට  2006 වසරේ දී ඇමෙරිකානු ආණ්ඩුව හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර සාකච්ඡා පැවති බවට පලවන වාර්තා  සත්‍ය වුව ද එදා කතා කළේ යහපාලන ආණ්ඩුව සකස්කර ඇති වත්මන් ආකාරයේ ගිවිසුමක් ගැන නොවන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි .

රටට අහිතකර කොන්දේසි යටතේ වන ගිවිසුමකට එම රජය කිසිසේත් එකඟ නොවනු ඇති බව ද එම නිවේදනයේ සදහන් වෙයි කියවන්න...

ශ්‍රී ලංකා රක්ෂණය 2019 දී රුපියල් කොටි 820ක් ලාභ ලබයි

රජයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම පසුගිය 2019 වසරේ දී රුපියල් කොටි 820ක ලාභයක් ලබා ඇති බව වාර්තා වෙයි .

මෙය රුපියල් කොටි 710ක් ලාභ ලබමින් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම 2018 වසරේ තබා තිබු වාර්තාව ද තම සමාගම විසින් ම බිඳ හෙලීම කි. කියවන්න...