2006 දී අපි කතා කළ MCC ගිවිසුම යහපාලන ගිවිසුමට වඩා වෙනස් – මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්

MCC ලෙස හඳුන්වනු ලබන සහශ්‍රක සහයෝගිතා සමායතන වැඩ සටහන යටතේ ආධාර ලබාගැනීමට 2006 වසරේ දී ඇමෙරිකානු ආණ්ඩුව හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අතර සාකච්ඡා පැවති බවට පලවන වාර්තා සත්‍ය වුව ද එදා කතා කළේ යහපාලන ආණ්ඩුව සකස්කර ඇති වත්මන් ආකාරයේ ගිවිසුමක් ගැන නොවන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි .
රටට අහිතකර කොන්දේසි යටතේ වන ගිවිසුමකට එම රජය කිසිසේත් එකඟ නොවනු ඇති බව ද එම නිවේදනයේ සදහන් වෙයි
MCC වැඩසටහන යටතේ මුදල් ලබාදීමට ඇමෙරිකානු රජය සමග මුලින් ම සාකච්ඡා කළේ මහින්ද රාජපක්ෂ රජය බවට හා එම වැඩ පිළිවෙල සම්බන්ධීකරණය කළේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා බවට පලවී ඇති වාර්තා වලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම කරුණු හෙළිකොට තිබේ .