ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400ක ණය මුදලක් ලබා දීමට ඉන්දියාව එකඟත්වය පලකොට ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කොට ඇත.
මෙම ණය මුදල ලබා දෙන්නේ ඉන්දියාවේ රිසර්ව් බැංකුවෙනි .
සාක් කලාපීය රටවල් අතර එකඟ වී ඇති ගිවිසුම් අනුව මෙම ණය මුදල ලබා දෙන බව කියති.
ඉන්දියාවෙන් තවත් ඩොලර් මිලියනයක ණය මුදලක් ශ්‍රී ලංකා රජය ඉල්ලා ඇති බව ද වාර්තා වෙයි.