රටේ කළු සල්ලි ජාවාරම මැඩ පැවැත්වීමට පනවා ඇති මුදල් ගනුදෙනු වාර්තාකිරීමේ නීතිය උල්ලංඝනය කිරීම ගැන මෙරට බැංකු හා මුල්‍ය ආයතන කිහිපයකින් දඩ මුදල් අයකර ගැනීමට මහා බැංකුවේ මුල්‍ය බුද්ධි ඒකකය කටයුතු කොට ඇත.
මුදල් විශුද්ධිකර්ණයට එරෙහිව සහ ත්‍රස්තවාදී සංවිධානවලට මුදල් ලබාදීම වැලකීමට පිහිටුවා ඇති මුල්‍ය බුද්ධි ඒකකය 2019 වසරේ දී මිලියන පහක් ද 2020 වසරේ මේ වනවිට මිලියනයක මුදලක් ද දඩ වශයෙන් අය කරගෙන ඇත.
ලංකා බැංකුවෙන් මිලියන 3 ක් ද ,නෙසන්ස් ට්‍රස්ට් බැංකුවෙන් මිලියනයක් ද , කොමර්සල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙන් මිලියනයක් ද 2019 දී දඩ වශයෙන් අය කරගෙන ඇත. 2020 වසරේ දී දඩ මුදල් අය කරගෙන ඇත්තේ සර්වෝදය ඩිවේලොප් මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙන් හා යු බී ෆිනෑන්ස් සමාගමෙන් පන් ලක්ෂය බැගිනි