Day: August 24, 2020

ස්වභාවික වායු (LNG) ජාත්‍යන්තර පාවෙන වෙළෙඳ ගබඩාවක් හම්බන්තොට ඉදිවෙයි

ස්වභාවික වායු (LNG) පාවෙන වෙළෙඳ ගබඩාවක් හම්බන්තොට වරාය ආශ්‍රිතව ඉදි කිරීමේ ගිවිසුමකට අත්සන් තැබූ බව ලංකා ආයෝජන මණ්ඩලය නිවේදනය කරයි.

ඇමෙරිකානු ඩොලර් මිලියන 97.2 ක වියදමින් මෙම ආයෝජනය කිරීමට ඉදිරිපත් වී ඇත්තේ පර්ල් එනර්ජි නම් සමාගමකි . එයට අවශ්‍ය ආයෝජනය සවුදි අරාබියේ ඕමාර් සිරාජ් නමැති ව්‍යාපාරිකයා විසින් සිදුකරනු ලබන බව පර්ල් එනර්ජි සමගම කියයි. කියවන්න...

මුල්‍ය ආයතන ගැන පැමිණිලි විභාගයට මහ බැංකුවෙන් පරීක්ෂණ අංශයක්

මුල්‍ය ආයතන සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ පැමිණිලි භාර ගැනීම සහ විභාගන්කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කොට ඇත. මුල්‍ය ආයතනවල යත ක්‍රියා සහ පාරිභෝගිකයන්ට වන හිරිහැර පිලිබඳ පැමිණිලි ලබාගැනීම හා විභාග කිරීම මෙම අංශයෙන් සිදුවෙයි.

මුල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව ලෙස හඳුන් වන මෙමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මුල්‍ය ආයතන ගැන ලැබෙන පැමිණිලි විභාග කිරීම පමණක් මුල දී සිදුවනු ඇතැයි මහ බැංකුව කියයි . මුල්‍ය ආයතන නියාමනය හා පාරිභෝගිකයන් දැනුවත් කිරීම ආදී කටයුතු සඳහා මෙම අංශය පසුව තම කටයුතු පුළුල් කරනු ඇත. වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය, භාරිභෝගිකයන් බලසතුකිරීම , සහ මුල්‍ය පාරිභෝගික අධ්‍යාපනය ද මෙමගින් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි. කියවන්න...