
මුල්‍ය ආයතන සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ගේ පැමිණිලි භාර ගැනීම සහ විභාගන්කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කොට ඇත. මුල්‍ය ආයතනවල යත ක්‍රියා සහ පාරිභෝගිකයන්ට වන හිරිහැර පිලිබඳ පැමිණිලි ලබාගැනීම හා විභාග කිරීම මෙම අංශයෙන් සිදුවෙයි.
මුල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව ලෙස හඳුන් වන මෙමගින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය කරනු ලබන මුල්‍ය ආයතන ගැන ලැබෙන පැමිණිලි විභාග කිරීම පමණක් මුල දී සිදුවනු ඇතැයි මහ බැංකුව කියයි . මුල්‍ය ආයතන නියාමනය හා පාරිභෝගිකයන් දැනුවත් කිරීම ආදී කටයුතු සඳහා මෙම අංශය පසුව තම කටයුතු පුළුල් කරනු ඇත. වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය, භාරිභෝගිකයන් බලසතුකිරීම , සහ මුල්‍ය පාරිභෝගික අධ්‍යාපනය ද මෙමගින් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි.
පාරිභෝගිකයන්ට මෙම අංශයට පැමිණිලි කිරීම පහත සම්බන්ධතා මගින් කළ හැකිය.
දුරකථන: 94 11 247 7966
ෆැක්ස් : 94 11 247 7744
තැපැල් : මුල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව , අංක 30 , ජනාධිපති මාවත , කොළඹ 01.
ව්ද්‍යුත් තැපෑල : fcrd@cbsl.lk