මේ වසරේ ණය ගෙවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ; ලබන වසරට අලුත් ණය සැලසුමක් – මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති

මෙම වසරේ ඉදිරි කාලයේ ගෙවීමට ඇති විදේශ ණය ගෙවීමට කිසිදු ප්‍රශනයක් නැති බවත් , ලබන වසරේ ණය ගෙවීමට අලුත් ණය සැලැස්මක් අවශ්‍ය බවත් මහ බැංකුවේ නියෝජය අධිපති ආචාර්ය නන්දලාල් ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට ඇත.
ඒ මහතා කියන පරිදි මෙම වසරේ ඉදිරි කාලයේ ගෙවීමට ඇත්තේ ඩොලර් බිලියන 2.5 ක මුදලකි . එය ගෙවීම සඳහා අලුතින් ණය ගැනීමේ හැකියාවක් මේ මොහොතේ නැත. කල් පිරෙන ඩොලර් බැඳුම්කර අලුතින් නිකුත්කිරීමේ හැකියාවක් ද නැත. එසේ වුව ද මහා බැංකුව සතුව ඩොලර් බිලියන 7.2 ක සංචිත ඇත. එබැවින් මෙම වසරේ ණය ගෙවීම කළ හැකි ය.