මේ වසරේ ණය ගෙවන්න කිසිම ප්‍රශ්නයක් නැහැ ; ලබන වසරට අලුත් ණය සැලසුමක් – මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති

මෙම වසරේ ඉදිරි කාලයේ ගෙවීමට ඇති විදේශ ණය ගෙවීමට කිසිදු ප්‍රශනයක් නැති බවත් , ලබන වසරේ ණය ගෙවීමට අලුත් ණය සැලැස්මක් අවශ්‍ය බවත් මහ බැංකුවේ නියෝජය අධිපති ආචාර්ය නන්දලාල් ප්‍රනාන්දු මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කොට ඇත.
ඒ මහතා කියන පරිදි මෙම වසරේ ඉදිරි කාලයේ ගෙවීමට ඇත්තේ ඩොලර් බිලියන 2.5 ක මුදලකි . එය ගෙවීම සඳහා අලුතින් ණය ගැනීමේ හැකියාවක් මේ මොහොතේ නැත. කල් පිරෙන ඩොලර් බැඳුම්කර අලුතින් නිකුත්කිරීමේ හැකියාවක් ද නැත. එසේ වුව ද මහා බැංකුව සතුව ඩොලර් බිලියන 7.2 ක සංචිත ඇත. එබැවින් මෙම වසරේ ණය ගෙවීම කළ හැකි ය.
කෙසේ වෙතත් ලබන වසරේ ගෙවීමට ඇති විදෙස් ණය ගෙවීම සඳහා අලුතින් ණය ගැනීමේ සැලසුමක් ක්‍රියාත්මක කළ යුතු වන බව මහා බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා කියයි.