ශ්‍රී ලංකාවට රාජ්‍ය කේන්ද්‍රීය නව සංවර්ධන මොඩලයක් – මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන්

ශ්‍රී ලංකාව රාජ්‍ය කේන්ද්‍රීය සහ රජයේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නව සංවර්ධන මොඩලයක් වෙත යොමුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන් මහතා ප්‍රකාශ කළේ ය. සියලු දෙන සහභාගී කරගන්නා සහ ප්‍රතිලාභ බෙදීයන මෙම සංවර්ධන මොඩලය ශ්‍රී ලංකාවට සුවිශේෂී වුවක් වන බව ද ඒ මහතා වැඩි දුරටත් පවසීය.
ශ්‍රී ලංකා මහා බැංකුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් අද පැවති රැස්වීමට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.