ශ්‍රී ලංකාවට රාජ්‍ය කේන්ද්‍රීය නව සංවර්ධන මොඩලයක් – මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන්

ශ්‍රී ලංකාව රාජ්‍ය කේන්ද්‍රීය සහ රජයේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක වන නව සංවර්ධන මොඩලයක් වෙත යොමුවනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂමන් මහතා ප්‍රකාශ කළේ ය. සියලු දෙන සහභාගී කරගන්නා  සහ  ප්‍රතිලාභ බෙදීයන මෙම සංවර්ධන මොඩලය  ශ්‍රී ලංකාවට සුවිශේෂී වුවක් වන බව ද ඒ මහතා වැඩි දුරටත් පවසීය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ 70 වන සංවත්සරය වෙනුවෙන් අද පැවති රැස්වීමට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

 ඒ මහතා වැඩි දුරටත් මෙසේ ද පැවසී ය. “ අතීතයේ සිට ශ්‍රී ලංකාව විවිධ සංවර්ධන ආකෘති අත්හදා බල තිබෙනවා . දැන් අපරට අපට ම ආවේනික නව ආර්ථික මොඩලයකට ගමන් කරමින් තිබෙනවා . එයට අදාළ ලෙස ප්‍රතිපත්ති සම්පාදනයේ සහ ක්‍රියාත්මක කිරීමේ සියලු අංශවල පරිවර්තනයක් සිදුවනු ඇති. එහි දී  සංවර්ධන නියෝජිතයා ලෙස භූමිකාවක් ඉටු කිරීමට ශ්‍රීලංකා මහා බැංකුව සුදානමින් සිටිනවා.”

පෞද්ගලික සමාගම් නියෝජිතයින් , මහ බැංකු සහ වාණිජ බැංකු නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධව සිටය හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *