Month: September 2020

කොළඹ සැහැල්ලු දුම්රිය සේවා ඉදිකිරීම නවතා දමයි

කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා ජපන් ආධාර යටතේ ඉදිකිරීමට සැලසුම් කොට තිබු සැහැල්ලු දුම්රිය සේවයේ ඉදිකිරීම් නවතා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කොට ඇත.

ඒ එය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකමිනි. එයින් අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බව ද ආණ්ඩුව කියයි. කියවන්න...

ශ්‍රී ලංකාවේ ණය අවදානම ඉතා ඉහළයි : ශ්‍රේණිය පහත දමමින් මුඩි ආයෝජන සේවාව කියයි

ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මුඩි ආයෝජන සේවාව ශ්‍රී ලංකාවට ඔවුන් ලබා දී තිබු ශ්‍රේණිය ස්ථාන දෙකකින් පහත දමමින් මෙරට ණය අවදානම ඉතා ඉහළ  රටක් ලෙස වර්ගීකරණය කොට ඇත.

ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B1 සිට Caa1 දක්වා ස්ථාන දෙකකින් පහල දැමීමට එම ආයතනය කටයුතු කොට තිබේ. කියවන්න...

ගිවිසුම් ගත පරිදි වරාය ජැටිය , සාම්පුර් බලාගාරය ඉන්දියාවට ඉක්මනින් දෙන්න ; ඩොලර් මිලියන 1000 ණයට ඉන්දීය අගමැති මොදිගෙන් කොන්දේසි

දෙරට අතර ඇති කරගෙන තිබෙන ගිවිසුම් සහ අවබෝධතා ගිවිසුම් අනුව කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය සහ සාම්පුර් හි විදුලි බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් ඉක්මන් සහ ස්ථිර තීරණ ගෙන ඉන්දියාව දැනුවත් කරන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මොදී මහතා ශ්‍රී ලනක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇත. දෙදෙනා අතර අද පැවති අන්තර් ජාල සාකච්ඡාවේ දී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ.

ශ්‍රී ලංකා රජය ඉන්දියාවෙන් ඉල්ලා ඇති ඩොලර් මිලියන 1000 ක ණය මුදල සහ මෙතෙක් ගෙන ඇති ණය අයකරගැනීම අත් හිටුවන ලෙස ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අගමැතිවරයා මෙම ඉල්ලීම සිදුකොට තිබේ. කියවන්න...

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපතිකමට විපක්ෂයෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා

පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා නම්කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පර්ලිමෙන්තුවට ඊයේ දැනුම් දුන්නේ ය.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙම තුනතුර විපක්ෂයට ලැබිය යුතු බව කිරිඇල්ල මහතා පෙන්වා දී තිබේ. කියවන්න...

සියලු සැලසුම් අවසන් කළ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නවතා දමන්නයි ජනපති නියෝග කරයි

සියලු සැලසුම් අවසන් කොට ජපානයෙන් සහන ණය ද අනුමත කොට තිබු කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙස ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා නියෝග කොට ඇත. මේ බව සැප්තම්බර් 21 දාතම දරන ලිපියක් මගින් ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා නාගකික සංවර්ධන අමාත්‍යංශයට දැනුම් දී තිබේ.

මෙය වියදම් අධික ව්‍යාපෘතියක් ලෙස සලකා එය නවතා දැමු බව කියති. කියවන්න...

මෙගාවොට් 300ක ස්වභාවික වායු විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිවෙයි

මෙගාවොට් 300 ක ධාරිතාවයකින් යුතු ස්වභාවික වායු විදුලි බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීමට ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළේ ය. විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ඒ සඳහා ඉදිරිපත් කොට තිබු යෝජනාව අනුමත වී ඇත.

ඒ අනුව ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කරනු ඇත. කියවන්න...

මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 5.5 ක පසුබැස්මක් සිදුවිය හැකියි – ආසියානු සංවර්ධන බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 5.5ක පසුබැස්මක් මේ වසරේ දී සිදුවනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ අලුත්ම වර්තාවක සදහන් කොට ඇත .කලාපයේ රටවල ආර්ථීකයේ තත්ත්වය සම්බන්ධයෙ නිකුත් කළ නවතම පුරෝකථන වර්තාවේ මේ බව සඳහන් වෙයි.

මේ අතර ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆස්ට් කැප්ටල් ආයතනය කියන්නේ ආර්ථික පසුබැස්ම සියයට 5,8 ක් වියහැකි බවයි. එම වාර්තාව ද ඊයේ නිකුත් වීය. කියවන්න...

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම ඇරඹෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කළ බව කොළඹ චීන තානාපති කාර්යාලය පවසයි.

  තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටස ඉදිකිරීම එලෙස ආරම්භ කළ බවයි. කියවන්න...

කොළඹ කොටුවේ ගෆුර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් වෙයි

කොළඹ කොටුවේ ඇති ඉතා පැරණි ඉදිකිරීමක් වන  ගෆුර් ගොඩනැගිල්ල සුපිරි හෝටලයක් සුපිරි හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය තීරණය කොට ඇත.

මෙම ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ සහ නවීකරණය දැනටමත් ආරම්භ කොට ඇති බවත් එම කටයුතු වසර එකහමාරකින් අවසන් වනු ඇති බවත් නාගරික සංවර්ධන සහ වෙරල සංරක්ෂණ රාජ්‍ය ඇමති ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි. කියවන්න...

රන් මිල පහළ දාන්න ‘මැණික් සහ ස්වර්ණාභරණ’ බදු ඉවතට

මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ  සහ 15% වූ රත්‍රන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කරයි.

1971 වසරේ සිට මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තයට දී තිබූ ආදායම් බදු සහනය 2017 වසරේ හඳුන්වා දුන් ආදායම් බදු ප්‍රතිපත්තියෙන් ඉවත් කෙරිණ. මැණික් හා ස්වර්ණාභරණ අපනයනයෙන් උපයන සත්‍ය ආදායම හෙළි නොවන තත්වයක් මේ නිසා උද්ගත විය. කියවන්න...