මේ වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 5.5 ක පසුබැස්මක් සිදුවිය හැකියි – ආසියානු සංවර්ධන බැංකුව

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියයට 5.5ක පසුබැස්මක් මේ වසරේ දී සිදුවනු ඇතැයි ආසියානු සංවර්ධන බැංකුවේ අලුත්ම වර්තාවක සදහන් කොට ඇත .කලාපයේ රටවල ආර්ථීකයේ තත්ත්වය සම්බන්ධයෙ නිකුත් කළ නවතම පුරෝකථන වර්තාවේ මේ බව සඳහන් වෙයි.
මේ අතර ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆස්ට් කැප්ටල් ආයතනය කියන්නේ ආර්ථික පසුබැස්ම සියයට 5,8 ක් වියහැකි බවයි. එම වාර්තාව ද ඊයේ නිකුත් වීය.
මෙම වසරේ පළමු කාර්තුවේ මෙරට ආර්ථිකයේ සියයට 1.6 ක පසුබැස්මක් වාර්තා කළේ කොරෝනා වසංගත තත්ත්වය ඇතිවීමට ද පෙරාතුවය. අපගේ ආරංචි මාර්ග කියන්නේ දෙවන කාර්තුවේ දී එය සියයට 6 ක් ඉක්මවූ පසුබැස්මක් ලෙස වාර්තා විය හැකි බවයි.
කෙසේ වෙතත්, මහා බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා පසුගිය දා ප්‍රකාශ කළේ වසර අවසානය වනවිට ආර්ථික වර්ධනය බින්දුවට ගෙන ඒමට අපේක්ෂා කරන බව යි. එනම් වර්ධනයක් හෝ පසුබැස්මක් සිදු නොවන තත්ත්වයකි.