ශ්‍රී ලංකාවේ ණය අවදානම ඉතා ඉහළයි : ශ්‍රේණිය පහත දමමින් මුඩි ආයෝජන සේවාව කියයි

ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මුඩි ආයෝජන සේවාව ශ්‍රී ලංකාවට ඔවුන් ලබා දී තිබු ශ්‍රේණිය ස්ථාන දෙකකින් පහත දමමින් මෙරට ණය අවදානම ඉතා ඉහළ  රටක් ලෙස වර්ගීකරණය කොට ඇත.

ශ්‍රී ලංකාවේ ශ්‍රේණිය B1 සිට Caa1 දක්වා ස්ථාන දෙකකින් පහල දැමීමට එම ආයතනය කටයුතු කොට තිබේ.

මෙම පහත දැමීමට හේතු ලෙස ඔවුන් සඳහන් කරන්නේ ඉහළ  අයවැය හිගය,ප්‍රතිසංස්කරණ මන්දගාමී වීම , සහ දුර්වල ආයතනික ක්‍රියාකාරීත්වය යි.

මුඩි ආයතනය මෙවර ශ්‍රී ලංකාව වර්ගීකරණය  කොට ඇත්තේ ඇන්ගෝලාව , ඉරාකය , බාබඩෝස්, ගැබොන් සහ මාලි ඇතුළත් ඉහළ  අවදානම් සහිත රටවල් කාණ්ඩය සමග ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *