Month: October 2020

සඳුදා සිට බස්නාහිර පළාතේ නිවසේ සිට වැඩ – ජනාධිපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමය බස්නාහිර පළාතේ යලි ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ලේකම්

 පී බී ජයසුන්දර මහතා සියලු රාජ්‍ය ආයතන වලට චක්‍ර ලේඛයක් මගින් දැනුම් දී තිබේ. කියවන්න...

පෝට් සිටි , බී ඕ අයි, විදුලි සංදේශ කොමිසම ඇතුළු ආයතන 13ක් ජනාධිපති පවරාගනී

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව , තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන 13ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාලනය යටතට ගෙන ඇත .  ඒසඳහා වන ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කළ බව වාර්තා වෙයි.

අගෝස්තු මාසයේ අමාත්‍යාංශවලට අයිති ආයතන පිලිබඳ නිකුත් කළ ගැසට් නිවේදනය මගීන් මෙම ආයතන කිසිදු අමාත්‍යංශයකට පවරා නොතිබිණි. කියවන්න...

මෙරට විශාලතම ඖෂධ නිෂ්පාදන ආයතනය හෝමාගම දී විවෘත කෙරේ

හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC)කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඖෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය අද (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබේ.

වසර තුනකට පෙර ඉදි කිරීම් ආරම්භ කළ මෙම ආයතනයේ වැඩ අවසන් කිරීම සඳහා වැය කළ මුදල අමෙරිකන් ඩොලර් මිලියන 13.8 කි.
 
ශ්‍රී ලංකාවට වාර්ෂිකව ඖෂධ පෙති බිලියන 1.8 ක් ආනයනය කරන අතර මෙම ඖෂධ නිෂ්පාදන මධ්‍යස්ථානය මඟින් ඉදිරියේ දී එම දේශීය අවශ්‍යතාවයෙන් කොටසක් සපුරාලීමට නියමිතය. කියවන්න...