පෝට් සිටි , බී ඕ අයි, විදුලි සංදේශ කොමිසම ඇතුළු ආයතන 13ක් ජනාධිපති පවරාගනී

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය , විදුලිසංදේශ නියාමන කොමිසන් සභාව , තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන 13ක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාලනය යටතට ගෙන ඇත . ඒසඳහා වන ගැසට් නිවේදනය පසුගිය සතියේ නිකුත් කළ බව වාර්තා වෙයි.
අගෝස්තු මාසයේ අමාත්‍යාංශවලට අයිති ආයතන පිලිබඳ නිකුත් කළ ගැසට් නිවේදනය මගීන් මෙම ආයතන කිසිදු අමාත්‍යංශයකට පවරා නොතිබිණි.