බැංකු ණය සහන කාලය තවත් මාස හයකින් දිගු කරයි

කොවිඩ් 19 ව්‍යාප්ත වීමත් සමග ඇති වූ ආර්ථික පසු බැස්මෙන් අපහසුතාවයට පත්ව සිටින බැංකු සහ මුල්‍ය ආයතන ණයකරුවන්ට ලබා දී තිබු මාස හයක සහන කාලය තවත් මාස හයකින් දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහා බැංකුව කටයුතු කොට ඇත.

ඒ අනුව බැංකු ණය සහ පොලිය අය කර ගැනීම තවදුරටත් අත්හිටුවා  ඇත. එම ණය සහන කාලය ලබන  වසරේ මාර්තු 31 දින දක්වා බල පවත්වනු ඇත.

මේ ණය සහනය සඳහා ඉල්ලුම් කිරීම නොවැම්බර් 30  දිනට පෙර කළ යුතු ය. ඒ සඳහා ආකෘති පත්‍රය අදාල බැංකුව හෝ මුල්‍ය සමාගම විසින් ලබාදිය යුතු ය.

මෙම සහන කාලය සඳහා මහා බැංකුව විසින් නියම කොට ඇති උපරිම පොලි අනුපාත පමණක් අය කළයුතු බව ද මහා බැංකුව නියම කොට ඇත.

මෙබඳු පියවරක් නොගත හොත් ණය කරුවන්ට ණය ගෙවාගත නොහැකි වීමෙන් බැංකු ක්‍රමය ද අර්බුදයට යා හැකි බව මහා බැංකුව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *