Day: November 13, 2020

ඩයලොග් ආසිආටා හෝමාගම මූලික රෝහලට තිළිණ කළ පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකය ජනතා අයිතියට

http://s3.amazonaws.com/bizsinhala/wp-content/uploads/2020/11/13122330/H-Launch-ICU-beds-e1605240273594.jpeg

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී (ඩයලොග්),සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉල්ලීමට අනුව හෝමාගම මූලික රෝහලට ඇඳන් 10 කින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර ඒකකයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ජාතික සෞඛ්‍ය සේවා පරිශ්‍රමයන් සවිබලගැන්වීම සඳහා සමාගම ලබාදෙන දායකත්වයේ තවත් අදියරක් ලෙස මෙම සත්කාර්යය හැඳින්විය හැකිය.

2020 අප්‍රේල් මාසයේදී කොවිඩ් 19 පිටුදැකීම වෙනුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමට ඩයලොග් සමාගම එකඟතාවය පළ කරන ලදී.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා විසින් සිදුකරන ලද මෙම සුවිශේෂී පරිත්‍යාගයේ පළමු අදියර යටතේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇඳන් 10 කින් යුත් නවීන පහසුකම්වලින් සමන්විත දැඩි සත්කාර ඒකකයක් ලබාදීමට හැකි විය. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ වේගවත් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා පහසුකම් සපයමින් එකී පරීක්‍ෂණ සහ ප‍්‍රතිඵල නිකුත් කිරීමේ කාලය පැය 8 සිට පැය 2.5 ක් දක්වා අඩුකරගැනීමට අවස්ථාව සලසන ලදී. කියවන්න...