ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට රටවල් 14 ක් වියට්නාමයේ දී අත්සන් තබයි

ලොව වැඩිම ජනගහණයක් ඇතුළත් කලාපීය විස්තීර්ණ වෙළෙඳ සහයෝගිත ගිවිසුමට ආසියාන් සංවිධානයේ රටවල් ඇතුළු රටවල් 14 ක් අත්සන් තැබීම ඊයේ වියට්නාමයේ දී සිදුකරනු ලැබී ය.
ආසියාන් රටවලට අමතරව එයට අත්සන් තැබුවේ චීනය ,ජපානය , දකුණු කොරියාව ,ඔස්ට්‍රේලියාව සහ නවසීලතයයි . ආසියාන් රටවල් වන තායිලන්තය , ඉන්දුනීසියාව ,සිංගප්පුරුව, ලාඕසය , කම්පුචියව, බ්‍රුනෙයි ,මැලේසියාව, පිලිපීනය සහ මියන්මාරය ගිවිසුමට ඇතුළත් වන අනෙක් රටවල් ය . ආසියාන් හෙවත් අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වනු ලබන රටවල් අතර දැනටමත් අඩු බදු අනුපාත සහ වීසා රහිත සංචාරක පහසුකම් ආදිය ක්‍රියාත්මක ය. එම රටවල් ද නව ගිවිසුමට ඇතුළත් වීමෙන් අලුතින් එකතුවන රටවල් සඳහා ද ඔවුන්ගේ පහසුකම් පුළුල් වීම සිදුවෙයි.