ලොව විශාලතම වෙළෙඳ ගිවිසුමට රටවල් 14 ක් වියට්නාමයේ දී අත්සන් තබයි

ලොව වැඩිම ජනගහණයක් ඇතුළත් කලාපීය විස්තීර්ණ වෙළෙඳ සහයෝගිත ගිවිසුමට ආසියාන් සංවිධානයේ රටවල් ඇතුළු රටවල් 14 ක් අත්සන් තැබීම ඊයේ වියට්නාමයේ දී සිදුකරනු ලැබී ය.
ආසියාන් රටවලට අමතරව එයට අත්සන් තැබුවේ චීනය ,ජපානය , දකුණු කොරියාව ,ඔස්ට්‍රේලියාව සහ නවසීලතයයි . ආසියාන් රටවල් වන තායිලන්තය , ඉන්දුනීසියාව ,සිංගප්පුරුව, ලාඕසය , කම්පුචියව, බ්රුනෙයි ,මැලේසියාව, පිලිපීනය සහ මියන්මාරය ගිවිසුමට ඇතුළත් වන අනෙක් රටවල් ය . ආසියාන් හෙවත් අග්නිදිග ආසියා ගිවිසුම් සංවිධානය ලෙස හඳුන්වනු ලබන රටවල් අතර දැනටමත් අඩු බදු අනුපාත සහ වීසා රහිත සංචාරක පහසුකම් ආදිය ක්‍රියාත්මක ය. එම රටවල් ද නව ගිවිසුමට ඇතුළත් වීමෙන් අලුතින් එකතුවන රටවල් සඳහා ද ඔවුන්ගේ පහසුකම් පුළුල් වීම සිදුවෙයි.
ලෝකයේ දෙවන සහ තෙවන බලවත් ආර්ථිකයන් ලෙස සැලකෙන චීනය හා ජපානය මෙම නව වෙළෙඳ ගිවිසුමට ඇතුළත්වීම නිසා එය වඩාත් සවිමත් වන බව විශ්වාශ කෙරෙයි. එමෙන් ම ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න ප්‍රමාණය මෙම රටවල ජීවත් වෙති.
ගිවිසුමට අත්සන් කරන ලද්දේ අන්තර් ජාල තාක්ෂණය ද උපයෝගී කරගනිමින් වියටනාමයේ පවත්වනු ලැබූ සමුළුවක දී ය.
වියට්නාම් රජය ප්‍රකාශ කළේ කෝවිඩ් 19 වසංගතය නිසා ලෝකය මුහුණ දී තිබෙන ආර්ථික පසුබස්මෙන් ගොඩ යාමට මෙම රටවලට මෙම වෙළෙඳ ගිවිසුම විශාල පිටිවහලක් වනු ඇති බව යි. මෙම ගිවිසුම මගින් බදු අඩුකිරීම නිසා කලාපයේ රටවල් අතර සැපයුම් දාම පුළුල් කිරීමටත් , එමගින් ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර ගැනීමටත් නිෂ්පාදන සමාගම්වලට අවස්ථාව ලබාදෙනු ඇති බව ද ඔවුහු ප්‍රකාශ කළ හ.
ආසියානු කලාපීය බලවතා වන ඉන්දියාව මෙහි දක්නට නැත.මින් හැගෙන්නෙ ඉන් හැගෙන්නෙ එවැනි තවත් කලාපයන් ට අවශ්‍ය බවයි .ත්නි රටක් යන සන්කල්පයට නැවත අයුශනොමැති බවය.