Day: November 20, 2020

ආනයන තහනම තාවකාලික බව ඇමති දිනේෂ් යුරෝපා සංගම් නියෝජිතයන්ට කියයි

ශ්‍රී ලංකාව ඇතැම් ආනයන සීමාකිරීමට ගෙන ඇති පියවර තාවකාලික බවත් , එය ඉදිරි කාලයේ දී ඉවත් කරන බවත්, විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට සිටින යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් හමුවේ ප්‍රකාශ කළ බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලැබෙන මාර්ග අවහිර වීමත් ,විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම් අඩුවීම සහ සංචාරක ව්‍යාපාරයේ බිඳවැටීමත්  නිසා රට මුහුණ දී තිබෙන අපහසුතා නිසා ආනයන සීමා කිරීමට සිදුව ඇති බව ඇමතිවරයා යුරෝපා සංගම් නියෝජිතයන්ට ප්‍රකාශ කොට තිබේ. කියවන්න...

පෑලියගොඩ නව එළවළු තොග වෙළෙඳ සංකීර්ණය විවෘත කෙරේ

පිටකොටුව මැනිං වෙළෙඳපොළ වෙනුවට ඉදිකෙරුණු පෑලියගොඩ නව එලවලි තොග වෙළෙඳ සංකීර්ණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (20) විවෘත කරනු ලැබී ය.

අක්කර 13ක විශාල භූමි භාගයක ඉදිකෙරුණු නව සංකීර්ණය පහසුකම් රැසකින් සමන්විතය. කියවන්න...