Day: November 25, 2020

මහජන උපයෝගිතා කෝමිසම් , විදුලි බල මණ්ඩල නීති සංශෝධනය කර මෙගා වොට් 300 ක ගල් අඟුරු බලාගාරය ඉක්මනින් ඉදිකරනවා – මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට සහ ලංකා විදුලි බල මණ්ඩල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදුකොට , මෙගා වොට් 300 ක් ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉක්මනින් ඉදිකරන බව මුදල් ඇමතිවරයා  ද වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමෙන්තුවේ දී පක්ෂ කළේ ය.

අයවැය තෙවනවර කියවීමේ විවාදයට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසන් සභා පනත සහ ලංකා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කිරීමට මම යෝජනා කරනවා” යනුවෙනි. කියවන්න...

පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස ඉහළ දැමීම කළ යුත්තේ හොඳ සාකච්ඡාවකින් පසුවයි – එජාප හිටපු ඇමති වජිර අබේවර්ධන

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව 55 සිට 60 දක්වා වැඩි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ විරෝධයක් නැතත්, එය කළ යුත්තේ එම සේවකයන්ගේ අභිලාෂයන් ගැන හොඳ සාකච්ඡාවකින් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අර්ථ සාධක අරමුදලේ තමන් ඉතිරි කර ඇති මුදල් ආපසු ලබාගැනීමේ කැමැත්ත, සෞඛ්‍යය  හෝ වෙනත් හේතු නිසා කල්තබා විශ්‍රාම යාමේ වුවමනාව ආදිය ගැන මෙහි දී සැලකිල්ලට ගත යුතු බවත් , රාජ්‍ය පරිපාලන හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා කියයි. කියවන්න...

සංචාරක පනත වෙනස් කිරීමේ අයවැය යෝජනාවට සංචාරක ක්‍රියාකරුවන්ගේ විරෝධය

SLAITO - The Sri Lanka Association of Inbound Tour Operators

දැනට ක්‍රියාත්මක සංචාරක පනත වෙනස් කිරීම සඳහා ඉදරිපත් කොට ඇති අයවැය යෝජනාවට තම සංගමයේ දැඩි විරෝධය පලකරන බවත්, පනත වෙනස් කිරීමේ කිසිදු වුවමනාවක් පැන නැගී නැති බවත්, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි . මෙය තම සංගමයේ පමණක් නොව මෙම කර්මාන්තයේ සිටින සියලු දෙනාගේ ඒකමතික අදහස බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

“ මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ යහපත සඳහා විශාල සේවයක් සිදු වී ඇති බැවින් , මෙම පනත වෙනස් කිරීමේ වුවමනාවක් නැති බව අප සංගමයේ සාමාජිකයන්ගේ ඒකමතික අදහස යි. ශ්‍රී ලංකා හොටල්කරුවන්ගේ සංගමය , ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන්ගේ සංගමය සහ සංචාරක ක්ෂේත්‍රයේ අනෙක් වැදගත් සංවිධාන කිසිවක් වර්තමාන පනත වෙනස් කිරීමට ඉල්ලා නැත “ යි සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය කියයි. කියවන්න...