පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස ඉහළ දැමීම කළ යුත්තේ හොඳ සාකච්ඡාවකින් පසුවයි – එජාප හිටපු ඇමති වජිර අබේවර්ධන

පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව 55 සිට 60 දක්වා වැඩි කිරීම ගැන එක්සත් ජාතික පක්ෂයේ විරෝධයක් නැතත්, එය කළ යුත්තේ එම සේවකයන්ගේ අභිලාෂයන් ගැන හොඳ සාකච්ඡාවකින් පසුව බව එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සභික හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

අර්ථ සාධක අරමුදලේ තමන් ඉතිරි කර ඇති මුදල් ආපසු ලබාගැනීමේ කැමැත්ත, සෞඛ්‍යය  හෝ වෙනත් හේතු නිසා කල්තබා විශ්‍රාම යාමේ වුවමනාව ආදිය ගැන මෙහි දී සැලකිල්ලට ගත යුතු බවත් , රාජ්‍ය පරිපාලන හිටපු ඇමති වජිර අබේවර්ධන මහතා කියයි.

ආර්ථිකයේ සිදුවන අයහපත් වර්ධනයන් සහ 2021 අයවැය මගීන්  එම ප්‍රශ්නවලට විසඳුම් ඉදිරිපත් නොකිරීමත් නිසා විශ්‍රාම යන  වයස වෙනස් කිරීමත් සමග සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ අහිමිවීමේ ඉඩ පිළිබඳව වෘත්තීය සමිති සහ සංවිධාන අවධානයෙන් සිටිය යුතු බව ද , ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

පිට කෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *