මහජන උපයෝගිතා කෝමිසම් , විදුලි බල මණ්ඩල නීති සංශෝධනය කර මෙගා වොට් 300 ක ගල් අඟුරු බලාගාරය ඉක්මනින් ඉදිකරනවා – මුදල් ඇමති, අගමැති මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභා පනතට සහ ලංකා විදුලි බල මණ්ඩල පනතට අවශ්‍ය සංශෝධන කඩිනමින් සිදුකොට , මෙගා වොට් 300 ක් ගල් අඟුරු විදුලි බලාගාරයක් ඉක්මනින් ඉදිකරන බව මුදල් ඇමතිවරයා ද වන අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමෙන්තුවේ දී පක්ෂ කළේ ය.
අයවැය තෙවනවර කියවීමේ විවාදයට සහභාගී වෙමින් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ “ ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබාගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසන් සභා පනත සහ ලංකා විදුලිබල මණ්ඩල පනත සංශෝධනය කිරීමට මම යෝජනා කරනවා” යනුවෙනි.

විදුලිය නිෂ්පාදනය සඳහා වර්තමානයේ වැය වන අතිවිශාළ වියදම පාලනය කරමින් 2013 වන විට කලාපයේ තරගකාරී අඩු මිලකට ව්‍යාපාරිකයන්ට සහ ජනතාවට විදුලිය ලබාදීම මෙහි අරමුණ බව ද, මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.