සංචාරක පනත වෙනස් කිරීමේ අයවැය යෝජනාවට සංචාරක ක්‍රියාකරුවන්ගේ විරෝධය

SLAITO - The Sri Lanka Association of Inbound Tour Operators

දැනට ක්‍රියාත්මක සංචාරක පනත වෙනස් කිරීම සඳහා ඉදරිපත් කොට ඇති අයවැය යෝජනාවට තම සංගමයේ දැඩි විරෝධය පලකරන බවත්, පනත වෙනස් කිරීමේ කිසිදු වුවමනාවක් පැන නැගී නැති බවත්, ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි . මෙය තම සංගමයේ පමණක් නොව මෙම කර්මාන්තයේ සිටින සියලු දෙනාගේ ඒකමතික අදහස බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

“ මෙම පනත මගින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ යහපත සඳහා විශාල සේවයක් සිදු වී ඇති බැවින් , මෙම පනත වෙනස් කිරීමේ වුවමනාවක් නැති බව අප සංගමයේ සාමාජිකයන්ගේ ඒකමතික අදහස යි. ශ්‍රී ලංකා හොටල්කරුවන්ගේ සංගමය , ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන්ගේ සංගමය සහ සංචාරක ක්ෂේත්‍රයේ අනෙක් වැදගත් සංවිධාන කිසිවක් වර්තමාන පනත වෙනස් කිරීමට ඉල්ලා නැත “ යි සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය කියයි.

කෙසේ වෙතත් , දැනට ඇති සංචාරක පනත වෙනස් කිරීමට රජයට අවශ්‍ය නම් එය කළ යුත්තේ සංචාරක කර්මාන්තයේ ක්‍රියාත්මක සියලු සංවිධාන සමග සාකච්ඡාවකින් පසුව බව ද , ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාරක ක්‍රියාකරුවන්ගේ සංගමය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

මේ මොහොතේ  අවෂ්‍ය වන්නේ සංචාරක කර්මාන්තය යලි නාග සිටුවීම සඳහා සියලු සම්පත් යොදා ගනිමින් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට එළඹීම බවද එම සංගමය වැඩි දුරටත් කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *