නිවාස ණය උපරිම පොලිය සියයට 7 යි ; මහ බැංකුවෙන් බැංකුවලට නියෝගයක්

රජයේ හෝ පෞද්ගලික අංශයේ වැටුප් ලබන සේවකයින් තම දේපළ ඇපයට තබා බැංකුවලින් ලබාගන්නා ණය සඳහා අයකළ හැකි උපරිම පොලිය සියයට 7 ක් බව ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කොට ඇත. බලපත්‍ර ලාබී සියලු බැංකු සඳහා මෙම තීරණය වලංගු වෙයි.
මෙම සියයට හතේ අවම පොලිය අඩු තරමින් ණය ගෙවීමේ මුල් වසර පහ සඳහා ලබාදිය යුතුය. ඉන් පසුව ද අය කළ හැකි වන්නේ රටේ සාමාන්‍ය ප්‍රාථමික පොලි අනුපාතයට වඩා සියයට එකකින් වැඩි පොලියක් පමණකි.