කැළණි ගඟේ පරිසරා දුෂණය වළක්වන්න , අනවසර ඉදිකිරීම් ඉවත්කරන්න – කෝප් කමිටුව නියම කරයි

කැළණි ගඟේ වැඩිවෙමින් පවතින පරිසර දුෂණය වැළක්වීම සඳහා ගඟ දෙපස ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවෙත් කෝප් කමිටුව පරිසර අමාත්‍යංශය  ඇතුළු රජයේ අදාළ ආයතන බලධාරීන්ට ඊයේ නියෝග කොට ඇත.

ඊයේ (26) පැවති කෝප් කමිටු රැස්වීමට පරිසර අමාත්‍යාංශයේ සහ අනෙක් අදාළ අමාත්‍යාංශවල සහ ආයතනවල නිලධාරීන් කැඳවා තිබුනේ කැළණි ගඟේ පරිසර දුෂණය පිළිබඳව පාරසරික විගණන වාර්තාව  සාකච්ඡා කිරීම සඳහා ය.

අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ අවශ්‍යතාවය එහිදී පෙන්වා දුන් කෝප් කමිටුව, වහාම කළ නොහැකි වූව ද මෙම ප්‍රශ්නය ඉක්මනින් විසඳිය යුතු බව පෙන්වා දුන්නේ ය.

කෝප් කමිටුවේ සභාපති චරිත හේරත් මහතා එහි දී පෙන්වා දී ඇත්තේ කැළණි ගඟ දෙපස කර්මාන්ත 2946 ක් ඇති අතර ඉන් කර්මාන්ත 41 ක් පවත්වාගෙන යන්නේ පරිසර බලපත්‍ර නොමැතිව බවයි. එමෙන් ම තවත් කර්මාන්ත 205 ක බලපත්‍ර විවිධ හේතු නිසා තහනම් කොට ඇත.

මෙයින කර්මාන්ත 17 ක් අධි අවදානම් කර්මාන්ත බවත් , ඒවා සම්බන්ධයෙන් ඉක්මන් පියවර ගත යුතු බවත්, කෝප් සභාපතිවරයා පෙන්වා දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *