මුල්‍ය සමාගම් ණය සහන ඉල්ලුම් කිරීමේ කාලය දෙසැම්බර් 10 දක්වා දීර්ඝ කරයි

කු නොවන මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය ගෙවීමට මහ බැංකුව ලබා දී ඇති සහන කාලය දීර්ඝ කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ කාලය දෙසැම්බර් 10 දා දක්වා දීර්ඝ කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

මේ සඳහා කලින් ලබා දී තිබු කාලය නොවැම්බර් 25 දායින් අවසන් වී ය.

මෙලෙස ණය කරුවන්ගෙන් ලැබෙන ඉල්ලීම්වලට දින 45 ක් ඇතුළත ලිඛිතව ප්‍රතිචාර දැක්විය යුතු බව ද මහ බැංකුව නියම කොට ඇත.

මෙම ණය සහනය ලබාදීමට විධිමත් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කිරීමට ද මහ බැංකුව නිර්දේශ ලබා දී තිබේ.

බැංකුවල ණය කරුවන් සඳහා ද , සහන කාලය දීර්ඝ කොට ඇති අතර ඒ සඳහා ඉල්ලුම් කිරීමට දී තිබු කාලය අදින් (30 ) අවසන් වී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *