Month: December 2020

කොමිෂන් සභාව වසා දැමීමේ තීරණය ගැනීමට පෙර, විදුලි බලාගාර ඉදි කිරීම ප්‍රමාද වීම සොයා බැලීමට ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කරන ලෙස ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය ඉල්ලයි.

විදුලිබලාගාර ඉදි නොකිරීම පසුපස සිටින්නේ කවුරුන් ද? ඔවුන්ගේ අරමුණු මොනවාද? ඒ සඳහා ඔවුන් අනුගමනය කරනු ලබන සැළසුම් මොනවාද? යන්න මෙන්ම දිගුකාලීන විදුලි ජනන සැලසුම් සදහා අනුමැතිය ලබා දීම සහ විදුලි බලාගාර සදහා අවශ්‍ය අනුමැතිය ලබා දීම ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රමාද කර ඇතිදැයි සොයා බැලීම සඳහා පුර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ශ්‍රි ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා සේවක සංගමය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් 2020.12.28 දින ලිඛිත ඉල්ලීමක් කරනු ලැබීය. එම ඉල්ලීම සමග පහත සඳහන් කරුණු ද ජනාධිපති තුමන් වෙත දැනුම් දෙනු ලැබිය.

ජනාධිපති තුමන්ගේ “සෞභාග්‍යයයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉතා සීඝ්‍ර ආර්ථික පිබීදීමකට අවශ්‍ය කරුණු සාකච්ඡා කර ඇති අතර එම ප්‍රතිපත්ති සාර්ථක කර ගැනීම සඳහා විදුලිබල ක්ෂේත්‍රයේ දායකත්වය ඉතා ඉහළ වේ. කියවන්න...

2021 සහ ඉදිරිය කාලය සඳහා මහ බැංකුවේ මුල්‍ය ප්‍රතිපත්ති එලි දැක්වීම ජනවාරි 4 දා

 

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් 2021 සහ ඉදිරියට මුදල් හා මූල්‍ය අංශ ප්‍රතිපත්ති එළිදැක්වීම 2021 ජනවාරි මස 04 වැනි දා , සඳුදා සිදු කිරීමට නියමිත ව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි. කියවන්න...

මානව ඛේදවාචක සහ ආර්ථික ව්‍යසන පිරුණු වර්ෂයක් දෙස ආපසු හැරී බැලීමක් – නිමල් සඳරත්න

මෙම වසරේ දී තරම් ගෝලීය ආර්ථිකය විනාශයට ලක් වූ තනි වර්ෂයක් මතක ඇති කාලයක තිබී නැත. එය මුල්‍ය හෝ ආර්ථික හෝ අර්බුදයක් නොවේ. එය ආර්ථික පසුබැස්මක් ද  නොවේ. එය ආර්ථික ව්‍යසනයක් සහ මානව ඛේදවාචකයකි. ලෝකය පුරා ආර්ථිකයන් කඩාකප්පල් වීය.බොහෝ රටවල ආර්ථික වර්ධනය හැකිලුනි.ගෝලීය ආර්ථික වර්ධනය ඍන වීය.

කොවිඩ් 19 වසංගතය ගෝලීය ඛේදවාචකයකි. එයින් ලෝකය පුරා මිලියන ගණනක් ජනයා මිය ගියහ. තවත් කෝටි ගණනක් රෝගයට ගොදුරු වුහ. කුසගින්න සහ ආහාර අහේනිය පැතිරී ගියේය.ජීවනෝපායට තර්ජන එල්ල වීය. රැකියා විරහිත බව , දිළිඳුකම සහ අසමානතා වැඩි කළේය. කියවන්න...

පෞද්ගලික විදුලි බලාගාර තුනකින් දිගට ම විදුලිය ගන්න විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කළ යෝජනාව මුදල් අමාතාංශය ප්‍රතික්ෂේප කරයි

පෞද්ගලික විදුලි බලාගාර තුනකින් විදුලිය මිල දී  ගැනීමේ කොන්ත්‍රාත් දිගු කිරීම සඳහා විදුලිබල අමාත්‍යාංශය ඉදිරිපත් කොට තිබු කැබිනට් පත්‍රිකාවකට මුදල් අමාත්‍යාංශය විරුද්ධ වී ඇති බව වාර්තා වෙයි. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ විදුලිය මිල දී ගැනීමේ දී විදුලි ඒකකයකට ගෙවන මිල වැඩි කොට පෙන්වා තිබීම ය.

මෙසේ මිල දී ගැනීමේ කොන්ත්‍රාත්තු අලුත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇත්තේ එස් පවර් සමාගමට අයත් , ඇඹිලිපිටය , මාතර සහ පුත්තලමේ පිහිටි බලාගාර තුනකින් විදුලිය මිල දී ගැනීම සඳහා වූ ගිවිසුම් ය. මෙම බලාගාරවලින් දැනටත් විදුලිය මිල දී ගන්නා අතර එම ගිවිසුම් ලබන අප්‍රේල් මාසයේ දී අවසන් වීමට නියමිත ය. කෙසේ වෙතත් , පවතින තත්ත්වය යටතේ මෙම බලාගාර වලින් විදුලිය මිල දී ගැනීම තවත් වසරක් සඳහා දීර්ඝ කිරීමට යෝජනා වී ඇත. කියවන්න...

රුපියලේ අගය අඩුවෙන්න හේතුවක් නැහැ ; එය වළක්වන්න අවශ්‍ය පියවර ගන්නවා – මහ බැංකුව නිවේදනය කරයි

පසුගිය දිනවල වෙළෙඳපොලේ දක්නට ලැබුණු රුපියලේ අගය  අවප්‍රමාණය වීම පිළිගත නොහැකි බවත් , එය වැළැක්වීමට සුදුසු ක්‍රියාමාර්ග ගන්නා බවත් , ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

රුපියලේ අගය ඩොලරයකට  රුපියල් 193 ක් දක්වා පහළ යාමක් පසුගියදා දක්නට ලැබිණි. මහ බැංකුව කියන්නේ එසේ රුපියලේ අගය පහත වැටීමට කිසිදු ආර්ථික හේතුවක් නැති බවයි. කියවන්න...

මහා බැංකුවේ විවරණයට විකට පොත් අතර ඉහළ ම තැනක් !!!

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවරණයකට විකට පොත් අතර ඉහළ ම ස්ථානයක් ලබා දී ඇති ආකාරය පුරවැසි මාධ්‍යවේදියකුගේ ජංගම දුරකථන කැමරාවේ මෙසේ සටහන් වීය.

ඡායාරූපයේ දැක්වෙන්නේ දිවයිනේ ප්‍රකට පොත් ප්‍රකාශක සමාගමක් කොළඹ කොටුවේ පිහිටි විදේශිකයන් බහුලව යන එන පොත් සාප්පුවක තම ආයතනයේ විකිනීඒමට ඇති විකට පොත් ( COMIC BOOKS ) ප්‍රදර්ශනය කොට ඇති ආකාරය යි. කියවන්න...

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමට කඩිනම් පියවර

තිස් වසරකට වැඩි කලක් වසා දමා තිබු කන්තලේ සීනි කර්මාන්ත ශාලාව යලි ආරම්භ කිරීමේ පියවර මේ වන විට ක්‍රියාත්මක කොට ඇති බව වාර්තා වෙයි .

ඒ අනුව මෙම කර්මාන්තශාලාව සඳහා වන ඉඩම් , ගොඩනැගිලි සහ යන්ත්‍ර සුත්‍ර ආදිය නව සමාගමකට භාර දීම මේ වනවිට සිදුවෙමින් පවතියි. කියවන්න...

කොවිඩ් අස්සේ 2020 දී ඩොලර් මිලියන 800 ක විදේශ ආයෝජන ලබාගෙන – ආයෝජන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් සංජය මොහොට්ටාල

කොවිඩ් වසංගත තත්ත්වයට රට මුහුණ දී සිටිය ද , 2020 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 800 ක වීදෙස් ආයෝජන ලබාගත හැකි වී ඇති බව ශ්‍රී ලංකා ආයෝජනා මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජෙනරාල් සංජය මොහොට්ටාල මහතා ප්‍රකාශ කරයි.

එමෙන් ම තවත් ඩොලර් මිලියන 200 ක් ලබා දීමට ගිවිසගෙන ඇති බව ද ඒ මහතා කියයි. කියවන්න...

මාස 07කට පසු ඩොලරයේ වැඩිම රුපියල් අගය අද. විකුණුම් මිල රු. 193 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව, අද (23) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.01 ක් හා විකුණුම් මිල රු. 193.05 ක් ලෙසින් සටහන් විය.

මෙය 2020 මැයි 04 වනදායින් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් හා විකුණුම් මිල ගණන් වේ. එදින ඩොලරයක ගැණුම් මිල රු. 188.37 ක් හා විකුණුම් මිල රු. 194.11 ලෙසින් වාර්තා වුණි. කියවන්න...

මහජන උපයෝගිතා කොමිසන් සභා නීතිය වෙනස් කරන්න කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා  කොමිසන් සභා පනත සහ විදුලි බල මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමට ඊයේ පැවතී කැබිනට් රැස්වීමේ දී තීරණය කළ බව වාර්තා වෙයි.

ඒ අනුව ,විදුලි බල ව්‍යාපෘති අනුමැතියේ දී මහජන උපයෝගිතා කොමිසමට තිබු බලතල ඉවත් කොට එම ආයතනය පාරිභෝගික ආරක්ෂාව , සහ විදුලි බල ක්‍ෂේත්‍රයේ ප්‍රමිති සැකසීමට සීමා කිරීමට යෝජනා කොට තිබේ. කියවන්න...