ආයෝජන සම්පුර්ණයෙන් ආරක්ෂා කිරීමට නව නීති ගෙනෙනවා – ජනාධිපති ගොඨාභය රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික වර්ධනය සඳහා වැඩි වැඩියෙන් ණය ගැනීම වෙනුවට විදේශ ආයෝජන වැඩි වැඩියෙන් ලබා ගැනීමටත් , දේශීය ආයෝජන දිරිගැන්වීමටත් කටයුතු කරන බව කී ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා ආයෝජනවලට සම්පුර්ණ ආරක්ෂාව සලසන නව නීති හඳුන්වා දීමට කටයුතු කරන බව ද ප්‍රකාශ කළේ ය.
මේ වනවිට ශ්‍රී ලංකාව විශාල ණය ප්‍රශ්නයකට මුහුණ දී ඇති බවත් , එම තත්ත්වය වෙනස් කිරීම සඳහා තව දුරටත් ණය ගැනීම වෙනුවට ආයෝජන ලබාගැනීමට කටයුතු කරන බව ද පැවසී ය.
ලංකා ආයෝජන මණ්ඩලය විසින් සංවිධානය කොට ඇති ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළේ ය.
එහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ ෆිච්ට් රේටින් විසින් ලංකාවේ ණය ශ්‍රේණිය පහත හෙලා ඇතත් අප රට හැමවිට ම ණය ගෙවීමට කටයුතු කොට ඇති බව හා කිසි විටෙක එය පැහර හැර නැති බව යි.