ගුවන්තොටුපල ඉක්මනින් විවෘත කිරිමට සැලසුම් හදන්න ඉහළ පෙලේ කමිටුවක්

විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වා ගනිමින් සංචාරක කර්මාන්තය පවත්වාගෙනයාම සදහා ගුවන්තොටුපල විවෘත කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ , සංචාරක අමාත්‍යංශයේ සහ අදාළ වෙනත් ආයතනවල නියෝජිතයින්ගෙන් සමන්විත ඉහළපෙලේ කමිටුවක් පත්කොට තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය නීතිඥ, පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ දින (03) පැවති විශේෂ සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන තිබේ.
ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම විශේෂ සාකච්ඡාව කනවා ඇති බවව කියති.
මෙම සාකච්ඡාව සදහා වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානීන් ඇතුලු සෞඛ්‍ය බලධාරීන්, ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම, සංචාරක සංවර්ධන අධීකාරිය හා හෝටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ සහ සංචාරක අමාත්‍යාංශයේ ප්‍රධානීහු රැසක් සහභාගීව සිටියහ.
එහිදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල විවෘත කර සංචාරක කර්මාන්තය ඉදිරියට නගා සිටුවීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කිරිමට අදාලව මූලික සැළසුම් සකස් කිරීම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සහ සංචාරක අමාත්‍යාංශය මෙන්ම සංචාරක ක්ෂේත්‍රයට අදාළ අංශ නියෝජනය කරන සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කරන ලදි.
එම කමිටුවේ තින්දු තීරණ පරිදි විදේශීය සංචාරකයින් මෙරටට ගෙන්වීමට අදාළව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා, සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය අතුලු පිරිසක් එක්ව සිටියහ.