ගුවන් තොටුපල අරින්න සුදානම් – ඇමති ප්‍රසන්න රණතුංග

සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතිය ලැබුණු වහාම ගුවන් තොටුපල විවෘත කිරීමට රජය සුදානම් බව 

සංචාරක කටයුතු ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

නිරෝධායන නීති අනුගමනය කරමින් ගුවන් තොටුපල විවෘත කිරීමට කටයුතු සුදානම් කොට

 ඇති බව ඇමතිවරයා කීය.

මන්ත්‍රීවරුන් කිහිපදෙනකු නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව පැවසී ය.

රට ඉක්මනින් විවෘත කිරීමට කටයුතු කරන බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා

ද පසුගිය දා ප්‍රකාශ කළේ ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කොට තිබු ශ්‍රී ලංකා 

ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශනය කරමිනි .

ජනාධිපතිතුමාගේ එම කතාවට සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරික ප්‍රජාවගේ පැසසුම හිමි වී තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *