රොබෝ තාක්ෂණයට , ජෛව තාක්ෂණයට ආණ්ඩුවේ සමාගම් දෙකක් – භාණ්ඩාගාරයේ ලේකම් එස් ටී ආටිගල

රොබෝ තාක්ෂණය සහ ජෛව තාක්ෂණය සඳහා රජයේ සමාගම් දෙකක් පිහිටුවන බව භාණ්ඩාගාරයේ ලේකම් සජිත් ටී ආටිගල මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා පැවසුවේ මෙම සමාගම් පිහිටුවීමේ අරමුණ වන්නේ රොබෝ තාක්ෂණය සහ , ජෛව තාක්ෂණය සංවර්ධනය සඳහා පෞද්ගලික අංශය සමග එක්ව කටයුතු කිරීම බවයි.
මෙම සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවලට පෞද්ගලික අංශය නියෝජනය කරන සාමාජිකයන් ද පත්කරන බව භාණ්ඩාගාරයේ ලේකම් තුමා කියයි.
ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතා කතා කරමින් ඒ මහතා මේ තොරතුරු හෙළිදරවු කොට ඇත.
එහි දී ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කොට ඇත්තේ රජයට අයත් හෝටල් අලුතින් හදන දේපළ සමාගමක් යටතට පත්කොට කොටස් වෙළෙඳපොලේ කොටස් විකිණීමට ආණ්ඩුව සැලසුම් කරමින් සිටින බව යි.
ග්රෑන්ඩ් හයිට් , ග්රෑන්ඩ් ඔරියන්ටල් හොටල , හොටෙල් ඩිවේලොපර්ස් සහ සී නෝර පදනම සතු දේපළ නව සමගම යටතට පැවරෙනු ඇත.
2021 වසරේ මුල් මාස හය අවසන්වීමට පෙර මෙම සමගම කොටස් වෙළෙඳ පොලේ ලියාපදිංචි කිරීම රජයේ අරමුණ බව ද භාණ්ඩාගාර ලේකම්වරයා ප්‍රකශ කළේ ය.
අධිවේගී මාර්ග පාලනය හා නඩත්තුව සඳහා ද තවත් සමාගමක් පිහිටුවීමට රජය සැලසුම් කොට ඇත. දැනට ඇති සියලු අධිවේගී මාර්ග සහ ඒ යටතේ ඇති ඉඩම් මෙම සමාගමට හිමිවෙයි