විදෙස් වලින් නිදහසේ මුදල් ගෙනත් විශේෂ තැන්පතු ගිණුම්වල යොදන්න තවත් මාස හයක කාලයක් – මහ බැංකුව නිවේදනය කරයි

ශ්‍රී ලාංකිකයින් විදෙස් රටවල තැන්පත් කොට ඇති මුදල් මෙරට විශේෂ තැන්පතු ගිණුම්වල යෙදීමට දී තිබු කාලය ලබන අප්‍රේල් 07 දින දක්වා දීර්ග කොට ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
පසුගිය අප්‍රේල් 08 දින ආරම්භ කළ මෙම වැඩ සටහන යටතේ ඔක්තෝබර් 07 දා වනවිට ඇමෙරිකානු ඩොලර් මිලියන 272 ක් මෙරට ගිණුම්වල තැන්පත් කොට ඇති බව මහ බැංකුව කියයි. එමගින් මෙරට විදේශ සංචිත ඉහළ නැංවීමේ හැකියාව නිසා මහා බැංකුව මෙම තීරණය ගෙන තිබේ.