ජපානයේ ක්ෂේත්‍ර 14ක ශ්‍රී ලාංකිකයන්ට රැකියා අවස්ථා ලබාදීමට කඩිනම් සැලසුමක්

ජපානයේ ක්ෂේත්‍ර 14 ක් සඳහා ශ්‍රී ලංකාවෙන් පුහුණු ශ්‍රමිකයන් යැවීමේ වැඩ සටහනක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ක්‍රියාවට නැංවා ඇත.
මෙම වැඩ සටහන ක්‍රියාවට නංවා ඇත්තේ ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 ජුනි 19 දින අත්සන් තබන ලද , විශේෂිත පුහුණු ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වැඩ සටහන නැවත පන ගැන්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි.
ඒ සඳහා වූ සාකච්ඡාවක් විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න , ජපාන අධිකරණ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති රෝකුචිරෝ මිචි සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ජගත් බටුගෙදර ඇතුළු කාර්යාංශයේ අදාළ නිලධාරීන් අතර පසුගිය දා පවත්වන ලද්දේ අන්තර් ජාල සමුළුවක් වශයෙනි.
පැය දෙකක් පුරා පැවතී සාකච්ඡාවේ දී ජපාන නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ යෝජනා ගැන තම නියෝජිතයන් සතුටට පත්වන බව සහ අදාළ අංශ සමග සාකච්ඡා කොට තමන්ගේ පැත්තෙන් අවශ්‍ය පියවර ගැනීමට ඉක්මනින් කටයුතු කරන බවත් ය. ජපන් භාෂා සහ ප්‍රවීණතා විභාග ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බව ජපාන නියෝජිතයන් ප්‍රකාශ කොට තිබේ.
එමෙන් ම ජපන් භාෂාව ඉගැන්වීමේ සහ භාෂා ප්‍රවීණතා විභාග පැවැත්වීමේ වැඩ පිළිවෙළක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ද ක්‍රියාත්මක කිරීමට ද නා පියවර ගන් බව එහි නිලධාරීන ප්‍රකාශ කොට තිබේ.
මේ යටතේ ජපානයේ ක්ෂේත්‍ර 14ක් සඳහා රැකියා අවස්ථා ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘත වෙයි.
එම ක්ෂේත්‍රවල වෘත්තීය සුදුසුකම් සහිත වයස අවුරුදු 18 සහ 45 අතර තරුණ තරුණියන් සඳහා රැකියා අවස්ථා ඇති අතර ඒ සඳහා ජපාන භාෂා ප්‍රවීණතා විභාගයේ එන් 4 මට්ටමේ සාමාර්ථයක් හිමි කරගෙන තිබිය යුතු වෙයි.
ජපානයේ පුරප්පාඩු ඇති කර්මාන්ත ක්ෂේත්‍ර වන්නේ,
1 නැවු තැනීම සහ නවුකා යන්ත්‍ර කර්මාන්තය
2 ගුවන් සේවා කර්මාන්තය
3 විදුලි, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු තාක්ෂණය
4 ආහාර සහ බීම නිෂ්පාදනය
5 ධිවර සහ ජලජීවී වගාව
6 කෘෂිකර්මය
7 ගොඩනැගිලි කර්මාන්තය
8 කාර්මික යන්ත්‍ර කර්මාන්තය
9 යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්තය
10 සත්කාර සේවා
11 ගොඩනැගිලි පිරිසිදුකිරීම් කළමනාකරණය
12 මෝටර් රථ අලුත්වැඩියා සහ නඩත්තු
13 ආහාර සේවා කර්මාන්තය
14 නවාතැන් කර්මාන්තය
ආදිය යි.
වැඩි විස්තර සඳහා www.slbfe.lk වෙබ් අඩවිය බලන්න