ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 70 ක් අවිධිමත් රැකියාවල ; ඔවුන්ගේ සේවා තත්ත්වය සුරක්ෂිතතාවය දුර්වලයි – ලෝක බැංකු අධ්‍යයනයකින් පෙන්වා දෙයි .

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් සියයට 70 ක් අවිධිමත් ක්ෂේත්‍රයේ රැකියාවල නිරතව සිටීම දිගට ම පවතින කැපී පෙනෙන ලක්ෂණයක් බවත් , එම අංශයේ සේවකයන්ගේ , රැකියා සුරක්ෂිත බව , සමාජ සුරක්ෂිත බව , රැකියාවල පවතින දුර්වල සේවා තත්ත්වය මෙන් ම අඩු වැටුප් ලැබීම ආදී ගැටළු රාශියක් පවතින බවත් ලෝක බැංකුව නිකුත් කළ අලුත් ම අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දෙයි. මෙය දිළිඳු බව දිගට පැවතීමට හේතුවක් බව ද එම වාර්තාවේ සඳහන් වෙයි .
‘අවිධිමත් බව , රැකියා තත්ත්වය සහ ශ්‍රී ලංකාවේ සුබ සාධනය’ යන ශීර්ෂය යටතේ දෙසැම්බර් 02 දින දාතමින් මෙම වාර්තාව නිකුත් කොට ඇත.