ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ සටහනකට යාම ප්‍රමාද කළොත් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය තව පහත වැටීම වළකන්න බෑ – ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් විශ්ලේෂකයෙක් කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ සටහනකට යෑම තව දුරටත් ප්‍රමාද කළ හොත් ශ්‍රී ලංකා රජයේ ණය ශ්‍රේණිය තව දුරටත් පහත වැටීම නැවැත්විය නොහැකි වනු ඇති බව , ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් විශ්ලේෂකයකු ප්‍රකාශ කොට ඇත.
මෑත කාලීනව ආර්ථික වර්ධනය අඩාල වී තිබීමත් , කොරෝනා වසන්ගතයත් නිසා රටේ රාජ්‍ය මුදල් තත්ත්වය පිරිහී ඇති බව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ජාත්‍යන්තර රාජ්‍ය මුදල් ශ්‍රේණිගත කිරීමේ අධ්‍යක්ෂ කිම් එන්ග් ටන් මහතා ප්‍රකාශ කළ බව එකොනොමි නෙක්ස්ට් වෙබ් අයිය වාර්තා කොට ඇත.
ආසියා ශාන්තිකර කලාපයේ ණය පිලිබඳ සම්මන්ත්‍රණ යක දී ඒ මහතා මෙම අදහස් පල කොට තිබේ.
මේ වනවිට ෆිච්ට් සහ මූඩි යන ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන දෙක ම ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය CCC දක්වා පහත හෙළ ඇතත්, ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් තවමත් B – ශ්‍රේණිය පවත්වාගෙන යයි . ආණ්ඩුව ඉක්මන් පියවරක් ගනු ඇති අපේක්ෂාවෙන් තම ආයතනය කටයුතු කරන බවත් , ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහනක් ක්‍රියාවට නැගීම ඉක්මනින් කළ යුත්තක් බවත්, කියන එම ආයතනය ආණ්ඩුව තවමත් එයට කැමැත්තක් දක්වන බවක් පෙනෙන්නට නැති බව වැඩි දුරටත් පවසයි.