මධ්‍යම , රුවන්පුර අධිවේගී මාර්ග කඩිනම් කෙරෙයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.5ක කොටසේ වැඩ මේ වසර නිමවීමට පෙර ආරම්භ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

අධිවේගී මාර්ග ඉදිකිරීමේ දී හා මාර්ග සංවර්ධනයේ දී ඉඩම් පවරා ගැනීම හා වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් බිලියන 40ක් වෙන් කර ඇති බවත් එය ඉතිහාසයේ වන්දි ලබා දීම සඳහා වෙන්කර ඇති විශාලතම මුදල බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

දුර කිලෝමීටර් 74ක් වන රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ද 2021 ජනවාරි මස 15දාට පෙර ආරම්භ කරන බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මේ අතර හිටපු මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවැනි කොටසේ ඉදිකිරීම් චීන සමාගමකට ලබා දුන්න ද , චීනය එයට දෙන ණය මුදල ලබාදීම වසර හතර හමාරක් තිස්සේ ප්‍රමාද කළ බව යි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *